ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(දුතියො භාගො)
44. එක වීහාරීය වග්ග
6. කලම්බදායක ථෙරාපදානය
’’රොමස නම් සර්‍වඥ තෙමේ කඳු අතරෙහි වැඩ වෙසේ. පහන් වූයේ (මම) උන්වහන්සේට සියතින් විලපලා ටිකක් දුනිමි.
’’මින් සිව් අනූවන කපෙහිවූ එකල්හි යම් දනක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. විලපලා දානයෙහි මේ විපාකයයි.
’’මා විසින් ක්ලේශයන් දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. හස්ති රාජයකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
’’ඒකාන්තයෙන් බුදුරජාණන් වහන්සේගේ සමීපයට මාගේ යහපත් පැමිණීමක් විය. පැමිණෙන ලද ත්‍රිවිද්‍යාවෝ ඇත්තාහුය. මා විසින් බුදුරජාණන් වහන්සේ ගේ සසුන කරණ ලදී.
’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් කලම්බදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’
කළම්බදායකත්ථෙරස්සාපදානං ඡට්ඨං.