ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(දුතියො භාගො)
44. එක වීහාරීය වග්ග
9. පිණ්ඩිය ථෙරාපදානය
’’එකල්හි (මම) රාජවාහන යෝග්‍යවූ, උඩට දික්ව වැඩුනු දළ ඇති ඇත් රජෙක් වීමි. ඇවිදින්නේ ලෝකනායකවූ බුදුරජුන් දිටිමි.
’’මම අඹ පිඩක් ගෙන ශාස්තෘන් වහන්සේට දුනිමි. මහාවීරවූ සිද්‍ධාර්ත්‍ථ බුදුරජතෙම (එය) පිළිගත්සේක.
’’එකල්හි සර්‍වඥ තෙම මා බලා සිටියදී එය වැළÃහ. මම එහි සිත පහදවා තුෂිත දිව්‍ය ලෝකයෙහි උපනිමි.
’’මම ඉන් චුතව සක්විති රජ වීමි. මේ ක්‍රමයෙන්ම සම්පත් අනුභවකොට,
’’වීර්‍ය්‍ය වඩන ලද මම උපශාන්තවූයේ, උපධි රහිත වූයේ, සියළු ආශ්‍රවයන් (ප්‍රහාණ පරිඥා වශයෙන්) දැන, ආශ්‍රව රහිතව වෙසෙමි.
’’මින් සිව් අනූවන කපෙහි වූ එකල්හි යම් ඵල දානයක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. ඵල දානයාගේ මේ විපාකයයි.
’’මා විසින් ක්ලේශයන් දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. හස්ති රාජයකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
’’ඒකාන්තයෙන් බුදුරජාණන් වහන්සේගේ සමීපයට මාගේ යහපත් පැමිණීමක් විය. පැමිණෙන ලද ත්‍රිවිද්‍යාවෝ ඇත්තාහුය. මා විසින් බුදුරජාණන් වහන්සේ ගේ සසුන කරණ ලදී.
’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පිණ්ඩිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’
අම්බපිණ්ඩියත්ථෙරස්සාපදානං නවමං.