ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(දුතියො භාගො)
44. එක වීහාරීය වග්ග
10. ජම්බුඵලිය ථෙරාපදානය
’’ලෝක ජ්‍යෙෂ්ඨවූ, තාදී ගුණ ඇති, පිඬු පිණිස හැසිරෙන්නාවූ, උතුම් යසස් ධරවූ පදුමුත්තර බුදුරජුන්හට
’’මම අග්‍රවූ (පළමුවෙන්ම හැදුනු) ජම්බු (දඹ) ඵලයක් ගෙන පැහැදි සිතින්, දක්‍ෂිණාර්හවූ, වීරවූ, ශාස්තෲන් වහන්සේට දුනිමි.
’’විපදෝත්තමයන් වහන්ස, ලෝක ජ්‍යෙෂ්ඨයන් වහන්ස, (මම) එම කර්‍මය කරණකොටගෙන ජය පරාජය හැර, අචල ස්ථානයවූ නිවනට පැමිණියේ වෙමි.
’’මින් සියක් දහස්වන කපෙහි වු එකල්හි යම් දනක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. අග්‍ර ඵල දානයාගේ මේ විපාකයයි.
’’මා විසින් ක්ලේශයන් දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. හස්ති රාජයකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
’’ඒකාන්තයෙන් බුදුරජාණන් වහන්සේගේ සමීපයට මාගේ යහපත් පැමිණීමක් විය. පැමිණෙන ලද ත්‍රිවිද්‍යාවෝ ඇත්තාහුය. මා විසින් බුදුරජාණන් වහන්සේ ගේ සසුන කරණ ලදී.
’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් ජම්බුඵලිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’
අම්බඵලියත්ථෙරස්සාපදානං දසමං.
එකවිහාරිවග්ගො චතුචත්තාලීසමො.