ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(දුතියො භාගො)
45. වීභීටක වග්ග
1. විභීටකමිඤ්ජිය ථෙරාපදානය
’’සියළු ධර්‍මයන්ගේ පරතෙරට ගිය ඒ කකුසඳ බුදුරජතෙමේ සමූහයා කෙරෙහි වෙන්ව වනයට වැඩි සේක.
’’මම (බුළු) ඇට මද ගෙන වැලක ඇවිනීමි. භාග්‍යවත් තෙම එසමයෙහි කඳු අතරෙහි ධ්‍යාන කෙරෙති.
’’මම (එම) බුදුරජුන් දැක පැහැදි සිතින් වීරවූ, දක්‍ෂිණාර්හවූ බුදුරජුන්හට (බුළු) ඇට මද දුනිමි.
’’මෙම කපෙහිවූ එකල්හි යම් ඵල දනක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුළු ඇට මද දීමෙහි මේ විපාකයයි.
’’මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
’’ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීමක් විය. පමුණුවන ලද ත්‍රිවිද්‍යා ඇත්තෝය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් විභීටකමිඤ්ජිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
විභීතකමිඤ්ජියත්ථෙරස්සාපදානං පඨමං.