ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(දුතියො භාගො)
45. වීභීටක වග්ග
2. කොලදායක ථෙරාපදානය
’’එකල්හි අඳු දිවි සම් හැඳි මම වැහැරි බර උසුලන්නේ (එහි මලා) අසපුවට ඩෙබර ගෙනාවෙමි.
’’එසමයෙහි ශ්‍රේෂ්ඨ පුද්ගලවූ, අසහාය පුද්ගලවූ සිඛී බුදුරජතෙම ලොව පහළවූහ. හැම කාලයක් දන්නාවූ එම (සර්‍වඥ තෙම) මාගේ අසපුවට එළඹි සේක.
’’මම බුදුරජුන්හට වැඳ, සිය සිත පහදවා දොහොතින් ඩෙබර (ඵලයක්) ගෙන දුනිමි.
’’මින් එක් තිස්වන කපෙහිවූ එකල්හි යම් ඩෙබර ඵල දානයක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. ඵල දානයෙහි මේ විපාකයයි.
’’මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
’’ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීමක් විය. පමුණුවන ලද ත්‍රිවිද්‍යා ඇත්තෝය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් කොළදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
කොලදායකත්ථෙරස්සාපදානං දුතියං.