ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(දුතියො භාගො)
45. වීභීටක වග්ග
3. බිල්ලඵලිය ථෙරාපදානය
’’මා විසින් චන්‍ද්‍රභාග නදී තීරයෙහි බෙලිගස්වලින් ගැවසීගත් නොයෙක් වෘක්‍ෂයන්ගෙන් සෙවුනා ලද අසපුවක් මනාකොට කරන ලදී.
’’සුවඳවත් බෙලි (ගෙඩියක්) දැක බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ සිහිපත් කෙළෙමි. සතුටුවූයේ, ඉපිලීගිය සිත් ඇත්තේ, කදක් පුරවාගෙන,
’’කකුසඳ බුදුරජුන් වෙත එළඹ මම පුණ්‍යක්‍ෂෙත්‍රවූ, වීරවූ උන්වහන්සේට පැහැදි සිතින් (එම) බෙලි ගෙඩිය දුනිමි.
’’මෙම කල්පයෙහි වූ එකල්හි යම් ඵලයක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. ඵල දානයාගේ මේ විපාකයයි.
’’මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
’’ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීමක් විය. පමුණුවන ලද ත්‍රිවිද්‍යා ඇත්තෝය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් බිල්ලඵලිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
බිල්ලියත්ථෙරස්සාපදානං තතියං.