ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(දුතියො භාගො)

45. වීභීටක වග්ග

5. උත්තලි පුප්ඵිය ථෙරාපදානය

’’මැනවින් බැසගත් මුල් (හා) ඇටුවම් ඇති, කොළවන් රැස් ඇති, නාග වෘක්‍ෂ (නුගරුක්) බෝධියෙහි උත්තලි මල් ගෙන පිදීමි.

’’මෙම කල්පයෙහිම යම් පුෂ්ප පූජාවක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බෝධි පූජාවෙහි මේ විපාකයයි.

’’මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.

’’ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීමක් විය. පමුණුවන ලද ත්‍රිවිද්‍යා ඇත්තෝය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.

මෙහි මේ අයුරින් ආයුෂ්මත් උත්තලිපුප්ඵිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.

උත්තලිපුප්ඵියත්ථෙරස්සාපදානං පඤ්චමං.