ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(දුතියො භාගො)

45. වීභීටක වග්ග

6. අම්බාටකිය ථෙරාපදානය

’’වෙස්සභූ බුදුරජතෙම මැනවින් පිපීගිය සල් වනයකට පිවිස, ගිරිදුර්‍ගයන්හි විශිෂ්ඨ ජන්ම ඇති සිංහ රාජයෙකු මෙන් වැඩහුන් සේක.

’’පුණ්‍යක්‍ෂෙත්‍රවූ, මහාවීරවූ (උන්වහන්සේ දැක) පහන් සිත් ඇත්තේ, සොම්නස්වූයේ, සියතින් (එම බුදුරජුන්හට) ඇඹරැල්ල ගෙඩියක් පිදීමි.

’’මින් එක්තිස්වන කපෙහිවූ එකල්හි යම් ඵල පූජාවක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්‍ධ පූජාවෙහි මේ විපාකයයි.

’’මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.

’’ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීමක් විය. පමුණුවන ලද ත්‍රිවිද්‍යා ඇත්තෝය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.

මෙහි මේ අයුරින් ආයුෂ්මත් විභීටකමිඤ්ජිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.

අම්බාටකියත්ථෙරස්සාපදානං ඡට්ඨං.