ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(දුතියො භාගො)

45. වීභීටක වග්ග

9. වෙදිකාරක ථෙරාපදානය

’’පදුමුත්තර බුදුරජුන්ගේ ශ්‍රේෂ්ඨ වෘක්‍ෂරාජයාවූ බෝධියෙහි වේදිකාවක් මැනවින් කොට සිය සිත පැහැදවීමි.

’’ඉක්බිති කළාවූද, නොකළාවූද භාණ්ඩයෝ අහසින් වඩිත්. වේදිකා දානයෙහි මේ විපාකයයි.

’’දෙපසෙහි පවත්නා භයානක දැඩි යුදෙහිදී වුවද (ඔවුනොවුන් ඉදිරියට) පනින්නාහු (මම) භයානක අරමුනක් නොදකිමි. වේදිකා දනෙහි මේ විපාකයයි.

’’මාගේ අදහස දැන ශුභවූ විමනක් පහළවේ. (එහි) මාහැඟි සයනයෝද වෙත්. වේදිකා දනෙහි මේ විපාකයයි.

’’මින් සියක් දහස්වන කපෙහි (මම) යම් වේදිකාවක් කරවූයෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. වේදිකා දනෙහි මේ විපාකයයි.

’’මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.

’’ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීමක් විය. පමුණුවන ලද ත්‍රිවිද්‍යා ඇත්තෝය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.

මෙහි මේ අයුරින් ආයුෂ්මත් වෙදිකාරක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.

වෙදිකාරකත්ථෙරස්සාපදානං නවමං.