අඞ්ගුත්තරනිකායො

දසම නිපාතය

1. පඨම පණ්ණාසකය

1. ආනිසංස වර්‍ගය

10. පාසාදික පරිපූර සූත්‍රය

’’මහණෙනි, යම් තැනක සිට මහණතෙම ශ්‍රද්‍ධාවත්ද, සිල්වත්ද, බහුශ්‍රුතද, ධර්‍ම කථිකද, පිරිස්හි හැසිරෙන්නෙම්ද, විසාරදව පිරිසෙහි ධර්‍ම දේශනා කරන්නෙම්ද, විනයධරද, ප්‍රාන්ත සේනාසන භජනය කරණ, ආරණ්‍යයෙහි වාසය කරන්නෙම්ද, අනෙකප්‍රකාර පූර්‍වෙනිවාසය සිහි කරයිද, පිරිසිදුවූ මනුෂ්‍ය.්වය ඉක්මවූවාවු දිවැසින් ( මෙහි අංගුත්තර නිකායේ දුතිය පණ්ණාසකයේ, බ්‍රාහ්මණ වර්‍ගයේ, 8 සූත්‍රයේ 8 ඡේදය යෙදිය යුතුයි. ) සත්ත්‍වයන් දකීද, මහණෙනි, මේ කරුණු දසයෙන් යුක්තවු මහණතෙම ප්‍රසාදාවහ වේ. සර්‍වප්‍රකාරයෙන් සම්පූර්‍ණවූයේ වේ.

’’මහණෙනි, මහණතෙම ශ්‍රද්‍ධාවත් වේද, සිල්වත් නොවේද, මෙසේ හෙතෙම ඒ අඞ්ගයෙන් අසම්පූර්‍ණවූයේ වේ. කිමෙක්ද, මම ශ්‍රද්‍ධාවත්ද, සිල්වත්ද වන්නෙම් නම් යෙහෙකැයි ඒ කරුණ සම්පූර්‍ණ කටයුතුයි. මහණෙනි, යම් කලක පටන් මහණතෙම ශ්‍රද්‍ධාවත්ද, සිල්වත් වේද, මෙසේ හෙතෙම ඒ අඞ්ගයෙන් සම්පූර්‍ණවූයේ වේ.

’’මහණෙනි, මහණතෙම ශ්‍රද්‍ධාවත් වේද, සිල්වත් වේද, බහුශ්‍රුත නොවේද, මෙසේ හෙතෙම ඒ අඞ්ගයෙන් අසම්පූර්‍ණවූයේ වේ. කිමෙක්ද, මම ශ්‍රද්‍ධාවත්ද, සිල්වත්ද, බහුශ්‍රුතද වන්නේ නම් යෙහෙකැ’ යි ඒ කරුණ සම්පූර්‍ණ කටයුතුයි. මහණෙනි, යම් කලක පටන් මහණතෙම ශ්‍රද්‍ධාවත්ද, සිල්වත්ද, බහුශ්‍රුතද වේද, මෙසේ හෙතෙම ඒ අඞ්ගයෙන් සම්පූර්‍ණවූයේ වේ.

’’මහණෙනි, මහණතෙම ශ්‍රද්‍ධාවත් වේද, සිල්වත් වේද, බහුශ්‍රුත වේද, ධර්‍ම කථික නුවූයේද, මෙසේ හෙතෙම ඒ අඞ්ගයෙන් අසම්පූර්‍ණවූයේ වේ. කිමෙක්ද, මම ශ්‍රද්‍ධාවත්ද, සිල්වත්ද, බහුශ්‍රුතද ධර්‍ම කථිකවන්නේ නම් යෙහෙකැ’ යි ඒ කරුණ සම්පූර්‍ණ කටයුතුයි. මහණෙනි, යම් කලක පටන් මහණතෙම ශ්‍රද්‍ධාවත්ද, සිල්වත්ද, බහුශ්‍රුතද ධර්‍ම කථික වේද, මෙසේ හෙතෙම ඒ අඞ්ගයෙන් සම්පූර්‍ණවූයේ වේ.

’’මහණෙනි, මහණතෙම ශ්‍රද්‍ධාවත් වේද, සිල්වත් වේද, බහුශ්‍රුත වේද, ධර්‍ම කථික වූයේද, පිරිස්හි නොහැසිරේද, මෙසේ හෙතෙම ඒ අඞ්ගයෙන් අසම්පූර්‍ණවූයේ වේ. කිමෙක්ද, මම ශ්‍රද්‍ධාවත්ද, සිල්වත්ද, බහුශ්‍රුතද ධර්‍ම කථිකවන්නේද, පිරිස්හි හැසිරේ නම් යෙහෙකැ’ යි ඒ කරුණ සම්පූර්‍ණ කටයුතුයි. මහණෙනි, යම් කලක පටන් මහණතෙම ශ්‍රද්‍ධාවත්ද, සිල්වත්ද, බහුශ්‍රුතද, ධර්‍ම කථික වේද, පිරිස්හි හැසිරේද, මෙසේ හෙතෙම ඒ අඞ්ගයෙන් සම්පූර්‍ණවූයේ වේ.

’’මහණෙනි, මහණතෙම ශ්‍රද්‍ධාවත් වේද, සිල්වත් වේද, බහුශ්‍රුත වේද, ධර්‍ම කථික වූයේද, පිරිස්හි හැසිරේද, විසාරදව පිරිස්හි ධර්‍ම දේශනා නොකෙරෙම්ද, මෙසේ හෙතෙම ඒ අඞ්ගයෙන් අසම්පූර්‍ණවූයේ වේ. කිමෙක්ද, මම ශ්‍රද්‍ධාවත්ද, සිල්වත්ද, බහුශ්‍රුතද, ධර්‍ම කථික වේද, පිරිස්හි හැසිරේද, විසාරදව පිරිස්හි ධර්‍ම දේශනා කෙරෙම් නම් යෙහෙකැ’ යි ඒ කරුණ සම්පූර්‍ණ කටයුතුයි. මහණෙනි, යම් කලක පටන් මහණතෙම ශ්‍රද්‍ධාවත්ද, සිල්වත්ද, බහුශ්‍රුතද, ධර්‍ම කථික වේද, පිරිස්හි හැසිරේද, විසාරදව පිරිසහි ධර්‍ම දේශනා කෙරේද, මෙසේ හෙතෙම ඒ අඞ්ගයෙන් සම්පූර්‍ණවූයේ වේ.

’’මහණෙනි, මහණතෙම ශ්‍රද්‍ධාවත් වේද, සිල්වත් වේද, බහුශ්‍රුත වේද, ධර්‍ම කථික වූයේද, පිරිස්හි හැසිරේද, විසාරදව පිරිස්හි ධර්‍ම දේශනා කෙරෙම්ද, විනයධර නොවෙම්ද, මෙසේ හෙතෙම ඒ අඞ්ගයෙන් අසම්පූර්‍ණවූයේ වේ. කිමෙක්ද, මම ශ්‍රද්‍ධාවත්ද, සිල්වත්ද, බහුශ්‍රුතද, ධර්‍ම කථික වෙම්ද, පිරිස්හි හැසිරෙම්ද, විසාරදව පිරිස්හි ධර්‍ම දේශනා කෙරෙම්ද, විනයධර වී නම් යෙහෙකැ’ යි ඒ කරුණ සම්පූර්‍ණ කටයුතුයි. මහණෙනි, යම් කලක පටන් මහණතෙම ශ්‍රද්‍ධාවත්ද, සිල්වත්ද, බහුශ්‍රුතද, ධර්‍ම කථික වේද, පිරිස්හි හැසිරේද, විසාරදව පිරිසහි ධර්‍ම දේශනා කෙරේද, විනයධරද, මෙසේ හෙතෙම ඒ අඞ්ගයෙන් සම්පූර්‍ණවූයේ වේ.

’’මහණෙනි, මහණතෙම ශ්‍රද්‍ධාවත් වේද, සිල්වත් වේද, බහුශ්‍රුත වේද, ධර්‍ම කථික වූයේද, පිරිස්හි හැසිරේද, විසාරදව පිරිස්හි ධර්‍ම දේශනා කෙරෙම්ද, විනයධර වේද, ප්‍රාන්ත සේනාසන භජනය කරණ, අරණ්‍යයෙහි වාසය කරන්නේ නොවේද, මෙසේ හෙතෙම ඒ අඞ්ගයෙන් අසම්පූර්‍ණවූයේ වේ. කිමෙක්ද, මම ශ්‍රද්‍ධාවත්ද, සිල්වත්ද, බහුශ්‍රුතද, ධර්‍ම කථික වෙම්ද, පිරිස්හි හැසිරෙම්ද, විසාරදව පිරිස්හි ධර්‍ම දේශනා කෙරෙම්ද, විනයධර වීද, ප්‍රාන්ත සේනාසන භජනය කරණ, අරණ්‍යයෙහි වාසය කරන්නෙක් වී නම් යෙහෙකැ’ යි ඒ කරුණ සම්පූර්‍ණ කටයුතුයි. මහණෙනි, යම් කලක පටන් මහණතෙම ශ්‍රද්‍ධාවත්ද, සිල්වත්ද, බහුශ්‍රුතද, ධර්‍ම කථික වේද, පිරිස්හි හැසිරේද, විසාරදව පිරිස්හි ධර්‍ම දේශනා කෙරේද, විනයධරද, ප්‍රාන්ත සේනාසන භජනය කරණ, අරණ්‍යයෙහි වාසය කරන්නෙක්ද, මෙසේ හෙතෙම ඒ අඞ්ගයෙන් සම්පූර්‍ණවූයේ වේ.

’’ශ්‍රද්‍ධාවත්ද, සිල්වත්ද, බහුශ්‍රුතද, ධර්‍ම කථික වේද, පිරිස්හි හැසිරේද, විසාරදව පිරිස්හි ධර්‍ම දේශනා කෙරේද, විනයධරද, අනෙකප්‍රකාර පූර්‍වෙනිවාසය සිහි නොකරයි. කිමෙක්ද, මම ශ්‍රද්‍ධාවත්ද, සිල්වත්ද, බහුශ්‍රුතද, ධර්‍ම කථික වේද, පිරිස්හි හැසිරේද, විසාරදව පිරිස්හි ධර්‍ම දේශනා කෙරේද, විනයධරද, අනෙකප්‍රකාර පූර්‍වෙනිවාසය සිහි කරන්නෙම් නම් යෙහෙකැයි ඒ කරුණ සම්පූර්‍ණ කටයුතුයි. මහණෙනි, යම් කලක පටන් මහණතෙම ශ්‍රද්‍ධාවත්ද, සිල්වත්ද, බහුශ්‍රුතද, ධර්‍ම කථික වේද, පිරිස්හි හැසිරේද, විසාරදව පිරිස්හි ධර්‍ම දේශනා කෙරේද, විනයධරද, අනෙකප්‍රකාර පූර්‍වෙනිවාසය සිහි කරයිද, මෙසේ හෙතෙම ඒ අඞ්ගයෙන් සම්පූර්‍ණවූයේ වේ.

’’ශ්‍රද්‍ධාවත්ද, සිල්වත්ද, බහුශ්‍රුතද, ධර්‍ම කථික වේද, පිරිස්හි හැසිරේද, විසාරදව පිරිස්හි ධර්‍ම දේශනා කෙරේද, විනයධරද, අනෙකප්‍රකාර පූර්‍වෙනිවාසය සිහි කරයි. අනෙකප්‍රකාර පූර්‍වෙනිවාසය සිහි කරයිද, පිරිසිදුවූ මනුෂ්‍ය.්වය ඉක්මවූවාවු දිවැසින් ( මෙහි අංගුත්තර නිකායේ දුතිය පණ්ණාසකයේ, බ්‍රාහ්මණ වර්‍ගයේ, 8 සූත්‍රයේ 8 ඡේදය යෙදිය යුතුයි. ) සත්ත්‍වයන් දකීද, කිමෙක්ද මට අනෙකප්‍රකාර පූර්‍වෙනිවාසය සිහි කරයිද, පිරිසිදුවූ මනුෂ්‍ය.්වය ඉක්මවූවාවු දිවැසින් ( මෙහි අංගුත්තර නිකායේ දුතිය පණ්ණාසකයේ, බ්‍රාහ්මණ වර්‍ගයේ, 8 සූත්‍රයේ 8 ඡේදය යෙදිය යුතුයි. ) සත්ත්‍වයන් දකී නම් යෙහෙකි. ඒ කරුණ සම්පූර්‍ණ කටයුතුයි. මහණෙනි, යම් කලක පටන් මහණතෙම ශ්‍රද්‍ධාවත්ද, සිල්වත්ද, බහුශ්‍රුතද, ධර්‍ම කථික වේද, පිරිස්හි හැසිරේද, විසාරදව පිරිස්හි ධර්‍ම දේශනා කෙරේද, විනයධරද, අනෙකප්‍රකාර පූර්‍වෙනිවාසය සිහි කරයි. අනෙකප්‍රකාර පූර්‍වෙනිවාසය සිහි කරයිද, පිරිසිදුවූ මනුෂ්‍යත්වය ඉක්මවූවාවු දිවැසින් ( මෙහි අංගුත්තර නිකායේ දුතිය පණ්ණාසකයේ, බ්‍රාහ්මණ වර්‍ගයේ, 8 සූත්‍රයේ 8 ඡේදය යෙදිය යුතුයි. ) සත්ත්‍වයන් දකීද, පිරිසිදුවූ මනුෂ්‍යත්‍වය ඉක්මවූවාවූ දිවැසින් ( මෙහි අංගුත්තර නිකායේ දුතිය පණ්ණාසකයේ, බ්‍රාහ්මණ වර්‍ගයේ, 8 සූත්‍රයේ 8 ඡේදය යෙදිය යුතුයි. ) සත්ත්‍වයන් නොදකී.

’’ආශ්‍රවයන්ගේ ක්‍ෂයවීමෙන් ශ්‍රද්‍ධාවත්ද, සිල්වත්ද, බහුශ්‍රුතද, ධර්‍ම කථික වේද, පිරිස්හි හැසිරේද, විසාරදව පිරිස්හි ධර්‍ම දේශනා කෙරේද, විනයධරද, අනෙකප්‍රකාර පූර්‍වෙනිවාසය සිහි කරයි. අනෙකප්‍රකාර පූර්‍වෙනිවාසය සිහි කරයිද, පිරිසිදුවූ මනුෂ්‍ය.්වය ඉක්මවූවාවු දිවැසින් ( මෙහි අංගුත්තර නිකායේ දුතිය පණ්ණාසකයේ, බ්‍රාහ්මණ වර්‍ගයේ, 8 සූත්‍රයේ 8 ඡේදය යෙදිය යුතුයි. ) සත්ත්‍වයන් දකීද, කිමෙක්ද මට අනෙකප්‍රකාර පූර්‍වෙනිවාසය සිහි කරයිද, පිරිසිදුවූ මනුෂ්‍ය.්වය ඉක්මවූවාවු දිවැසින් ( මෙහි අංගුත්තර නිකායේ දුතිය පණ්ණාසකයේ, බ්‍රාහ්මණ වර්‍ගයේ, 8 සූත්‍රයේ 8 ඡේදය යෙදිය යුතුයි. ) සත්ත්‍වයන් දකී නම් යෙහෙකි. ඒ කරුණ සම්පූර්‍ණ කටයුතුයි. මහණෙනි, යම් කලක පටන් මහණතෙම ශ්‍රද්‍ධාවත්ද, සිල්වත්ද, බහුශ්‍රුතද, ධර්‍ම කථික වේද, පිරිස්හි හැසිරේද, විසාරදව පිරිස්හි ධර්‍ම දේශනා කෙරේද, විනයධරද, අනෙකප්‍රකාර පූර්‍වෙනිවාසය සිහි කරයි. අනෙකප්‍රකාර පූර්‍වෙනිවාසය ප්‍රත්‍යක්‍ෂකොට පැමිණ වාසය නොකරයි. මෙසේ ඔහු ඒ කොටසින් සම්පූර්‍ණ නොවූයේ වේ. කිමෙක්ද, මම ශ්‍රද්‍ධාවන්ත වන්නෙම්ද, සිල්වත් වන්නෙම්ද, බහුශ්‍රුතද, ධර්‍ම කථික වේද, පිරිස්හි හැසිරේද, විසාරදව පිරිස්හි ධර්‍ම දේශනා කෙරේද, විනයධරද, අනෙකප්‍රකාර පූර්‍වෙනිවාසය සිහි කරන්නෙමි. එක ජාතියක්ද, ජාති දෙකක්ද, ( මෙහි අංගුත්තර නිකායේ දුතිය පණ්ණාසකයේ, බ්‍රාහ්මණ වර්‍ගයේ, 8 සූත්‍රයේ 4 ඡේදය යෙදිය යුතුයි. ) මෙසේ හැඩහුරුකම් සහිත, උදෙසීම් සහිත, නානාප්‍රකාර පූර්‍වෙනිවාසය සිහි කරන්නෙමි. පිරිසිදුවූ මිනිස් ඇස ඉක්මවූවාවූ දිවැසින් ( මෙහි අංගුත්තර නිකායේ දුතිය පණ්ණාසකයේ, බ්‍රාහ්මණ වර්‍ගයේ, 8 සූත්‍රයේ 8 ඡේදය යෙදිය යුතුයි. ) කර්‍මානුරූපව පැමිණ සත්ත්‍වයන් දන්නෙමි. ආශ්‍රවයන්ගේ ක්‍ෂයවීමෙන් බහුශ්‍රුත වේද, ධර්‍ම කථික වූයේද, පිරිස්හි හැසිරේද, විසාරදව පිරිස්හි ධර්‍ම දේශනා කෙරෙම්ද, විනයධර වේද, ප්‍රාන්ත සේනාසන භජනය කරණ, අරණ්‍යයෙහි වාසය කරන්නේ නොවේද, මෙසේ හෙතෙම ඒ අඞ්ගයෙන් අසම්පූර්‍ණවූයේ වේ. කිමෙක්ද, මම ශ්‍රද්‍ධාවත්ද, සිල්වත්ද, බහුශ්‍රුතද, ධර්‍ම කථික වෙම්ද, පිරිස්හි හැසිරෙම්ද, විසාරදව පිරිස්හි ධර්‍ම දේශනා කෙරෙම්ද, විනයධර වීද, ප්‍රාන්ත සේනාසන භජනය කරණ, අරණ්‍යයෙහි වාසය කරන්නෙක් වී නම් යෙහෙකැ’ යි ඒ කරුණ සම්පූර්‍ණ කටයුතුයි. මහණෙනි, යම් කලක පටන් මහණතෙම ප්‍රත්‍යක්‍ෂකොට පැමිණ වාසය කරන්නෙමියි ඔහු විසින් ඒ කොටස සම්පූර්‍ණ කටයුතුය.

’’ මහණෙනි, යම් කලක පටන් මහණතෙම ශ්‍රද්‍ධාවත් වේද, සිල්වත් වේද, බහුශ්‍රුත වේද, ධර්‍ම කථික වේද, පිරිස්හි හැසිරෙන්නේ වේද, විසාරදවූයේ පිරිසෙහි ධර්‍ම දේශනා කරයිද, විනයධර වේද, නානාප්‍රකාර පූර්‍වෙනිවාසය සිහි කරයිද, ඒ මෙසේය. ( මෙහි අංගුත්තර නිකායේ දුතිය පණ්ණාසකයේ, බ්‍රාහ්මණ වර්‍ගයේ, 8 සූත්‍රයේ 4 ඡේදය යෙදිය යුතුයි. ) මෙසේ හැඩහුරුකම් සහිත, උදෙසීම් සහිත, නානාප්‍රකාර පූර්‍වෙනිවාසය සිහි කරයි. පිරිසිදුවූ මනුෂ්‍යත්‍වය ඉක්මවා සිටි දිවැසින් කම්වූ පරිදි ආ සත්ත්‍වයන් දනී. ආශ්‍රවයන්ගේ ක්‍ෂයවීමෙන් ආශ්‍රව රහිත ඵල සමාධියද, ඵල ප්‍රඥාවද, තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂකොට පැමිණ වාසය කරයි. මෙසේ හෙතෙම ඒ කොටසින් සම්පූර්‍ණවූයේ වේ. මහණෙනි, මේ දශ ධර්‍මයෙන් යුක්තවූ මහණතෙම හාත්පසින් පැහැදීම් ඇතිකරන්නේ වේ. සර්වප්‍රකාරයෙන් සම්පූර්‍ණවූයේ වේ.’’

ආනිශංස වර්‍ගය නිමි.