අඞ්ගුත්තරනිකායො
දසම නිපාතය
4. චතුත්ථ පණ්ණාසකය
(17) 2. යමක වර්ගය
8. තිවිධ පාණාතිපාත සූත්රය
’’මහණෙනි, මම සතුන් මැරීමද, ලෝභය හේතුකොටත්, ද්වේෂය හේතුකොටත්, මෝහය හේතුකොටත්යයි තුන් වැදෑරුම් කොට කියමි.
’’නුදුන් දෙය ගැනීමද, ලෝභය හේතුකොටත්, ද්වේෂය හේතුකොටත්, මෝහය හේතුකොටත්යයි තුන් වැදෑරුම් කොට කියමි. කාමයන්හි වැරදි හැසිරීමද, ලෝභය හේතුකොටත්, ද්වේෂය හේතුකොටත්, මෝහය හේතුකොටත්යයි තුන් වැදෑරුම් කොට කියමි. බොරු කීමද, ලෝභය හේතුකොටත්, ද්වේෂය හේතුකොටත්, මෝහය හේතුකොටත්යයි තුන් වැදෑරුම් කොට කියමි. කේළාම් කීමද, ලෝභය හේතුකොටත්, ද්වේෂය හේතුකොටත්, මෝහය හේතුකොටත්යයි තුන් වැදෑරුම් කොට කියමි. පරුෂ වචන කීමද, ලෝභය හේතුකොටත්, ද්වේෂය හේතුකොටත්, මෝහය හේතුකොටත්යයි තුන් වැදෑරුම් කොට කියමි. හිස් වචන කීමද, ලෝභය හේතුකොටත්, ද්වේෂය හේතුකොටත්, මෝහය හේතුකොටත්යයි තුන් වැදෑරුම් කොට කියමි. දැඩි ලෝබකමද, ලෝභය හේතුකොටත්, ද්වේෂය හේතුකොටත්, මෝහය හේතුකොටත්යයි තුන් වැදෑරුම් කොට කියමි. ක්රෝධයද, ලෝභය හේතුකොටත්, ද්වේෂය හේතුකොටත්, මෝහය හේතුකොටත්යයි තුන් වැදෑරුම් කොට කියමි. වැරැදි දැකීමද, ලෝභය හේතුකොටත්, ද්වේෂය හේතුකොටත්, මෝහය හේතුකොටත්යයි තුන් වැදෑරුම් කොට කියමි.
’’මහණෙනි, මෙසේ වනාහි ලෝභය කර්මයන්ට මුල්වේ. ද්වේෂය කර්මයන්ට මුල්වේ. මෝහය කර්මයන්ට මුල්වේ.
’’ලෝභය නැතිවීමෙන් කර්මයන්ගේ මුල නැතිවිම වේ. ද්වේෂය නැතිවීමෙන් කර්මයන්ගේ මුල නැතිවිම වේ. මෝහය නැතිවීමෙන් කර්මයන්ගේ මුල නැතිවිම වේ’’ යයි වදාළ සේක.