අඞ්ගුත්තරනිකායො
එකාදසක නිපාතය
3. සාමඤ්ඤ වර්‍ගය
22–501.
’’මහණෙනි, කරුණු එකොළසකින් යුක්තවූ ගොපළුතෙම ගව සමූහයා පරිහරණය කරන්ට සමෘද්ධ කරන්නට නුසුදුසු වේ.
’’කවර එකොළොසකින්ද යත්? මහණෙනි, මේ ලෝකයෙහි ගොපළු තෙම, රූප දන්නේ නොවේද, ලකුණු දැනීමෙහි දක්‍ෂ නොවේද, මැසි බිජුවට වළකන්නේ නොවේද, වණය වසන්නේ නොවේද, දුම කරන්නේ නොවේද, තොටුපල නොදනීද, පානයකළහු නොදනීද, යායුතු මග නොදනීද, ගොදුරුතැන් දැනිීමහි දක්‍ෂ නොවේද, ඉතිරිනොකොට දොවින්නේවේද, ගව පීතෘවූ, ගව පරිනායකවූ, යම් ඒ වෘෂභයෝ වෙද්ද, ඔවුන්ට අධික පූජාවෙන් පුදන්නේ නොවේද, මහණෙනි, මේ කරුණු එකොළොසින් යුක්තවූ ගොපළුතෙම ගව සමූහයා පරිහරණය කරන්ට සමෘද්ධ කරන්නට සුදුසු නොවේ.
’’මහණෙනි, එපරිද්දෙන්ම ධර්‍ම එකොළොසකින් යුක්තවූ භික්‍ෂුතෙම ඇස කෙරෙහි අනිත්‍යය අනුව දකිමින් වාසය කරන්ට සුදුසු නොවේ. රූප දන්නේ නොවේද, ලකුණු දැනීමෙහි දක්‍ෂ නොවේද, මැසි බිජුවට වළකන්නේ නොවේද, වණය වසන්නේ නොවේද, දුම කරන්නේ නොවේද, තොටුපල නොදනීද, පානයකළහු නොදනීද, යායුතු මග නොදනීද, ගොදුරුතැන් දැනිීමහි දක්‍ෂ නොවේද, ඉතිරිනොකොට දොවින්නේවේද, ගව පීතෘවූ, ගව පරිනායකවූ, යම් ඒ වෘෂභයෝ වෙද්ද, ඔවුන්ට අධික පූජාවෙන් පුදන්නේ නොවේද, ඇස කෙරෙහි දුක අනුව දකිමින් වාසය කරන්ට සුදුසු නොවේ. ඇස කෙරෙහි අනාත්මය අනුව දකිමින් වාසය කරන්ට සුදුසු නොවේ. ඇස කෙරෙහි ක්‍ෂයවීම අනුව දකිමින් වාසය කරන්ට සුදුසු නොවේ. ඇස කෙරෙහි විනාශවීම අනුව දකිමින් වාසය කරන්ට සුදුසු නොවේ. ඇස කෙරෙහි නොඇලීම අනුව දකිමින් වාසය කරන්ට සුදුසු නොවේ. ඇස කෙරෙහි නිරුද්ධවීම අනුව දකිමින් වාසය කරන්ට සුදුසු නොවේ. ඇස කෙරෙහි දුරලීම අනුව දකිමින් වාසය කරන්ට සුදුසු නොවේ.
කණෙහිද, නැහැයෙහිද, දිවෙහිද, කයෙහිද, සිතෙහිද,
රූපයන්හිද, ශබ්දයන්හිද, ගන්‍ධයන්හිද, රසයන්හිද, ස්පර්‍ශයන්හිද, ධර්‍මයන්හිද,
ඇස පිළිබඳ විඤ්ඤාණයෙහිද, කණ පිළිබඳ විඤ්ඤාණයෙහිද, නාසය පිළිබඳ විඤ්ඤාණයෙහිද, දිව පිළිබඳ විඤ්ඤාණයෙහිද, කය පිළිබඳ විඤ්ඤාණයෙහිද, සිත පිළිබඳ විඤ්ඤාණයෙහිද,
ඇස පිළිබඳ ස්පර්‍ශයෙහිද, කණ පිළිබඳ ස්පර්‍ශයෙහිද, නාසය පිළිබඳ ස්පර්‍ශයෙහිද, දිව පිළිබඳ ස්පර්‍ශයෙහිද, කය පිළිබඳ ස්පර්‍ශයෙහිද, සිත පිළිබඳ ස්පර්‍ශයෙහිද,
ඇස පිළිබඳ ස්පර්‍ශයෙන් හටගත් වේදනාවෙහිද, කණ පිළිබඳ ස්පර්‍ශයෙන් හටගත් වේදනාවෙහිද, නාසය පිළිබඳ ස්පර්‍ශයෙන් හටගත් වේදනාවෙහිද, දිව පිළිබඳ ස්පර්‍ශයෙන් හටගත් වේදනාවෙහිද, කය පිළිබඳ ස්පර්‍ශයෙන් හටගත් වේදනාවෙහිද, සිත පිළිබඳ ස්පර්‍ශයෙන් හටගත් වේදනාවෙහිද,
රූප සංඥාවෙහිද, ශබ්ද සංඥාවෙහිද, ගන්‍ධ සංඥාවෙහිද, රශ සංඥාවෙහිද, ස්පර්‍ශයන් පිළිබඳ සංඥාවෙහිද, ධර්‍ම සංඥාවෙහිද,
රූප සංඤ්චෙතනාවෙහිද, ශබ්ද සංඤ්චෙතනාවෙහිද, ගන්ධ සංඤ්චෙතනාවෙහිද, රශ සංඤ්චෙතනාවෙහිද, ඵොට්ඨබ්බ සංඤ්චෙතනාවෙහිද, ධර්‍ම සංඤ්චෙතනාවෙහිද,
රූප තෘෂ්ණාවෙහිද, ශබ්ද තෘෂ්ණාවෙහිද, ගන්‍ධ තෘෂ්ණාවෙහිද, රශ තෘෂ්ණාවෙහිද, ස්පර්‍ශ තෘෂ්ණාවෙහිද, ධර්‍ම තෘෂ්ණාවෙහිද,
රූප විතර්‍කයෙහිද, ශබ්ද විතර්‍කයෙහිද, ගන්ධ විතර්‍කයෙහිද, රශ විතර්‍කයෙහිද, ස්පර්‍ශයන් පිළිබඳ විතර්‍කයෙහිද, ධර්‍ම විතර්‍කයෙහිද,
රූප විචාරයෙහිද, ශබ්ද විචාරයෙහිද, ගන්ධ විචාරයෙහිද, රශ විචාරයෙහිද, පොට්ඨබ්බ විචාරයෙහිද, ධර්‍ම විචාරයෙහිද, අනිත්‍ය අනුව දකිමින් වාසය කරන්ට, දුක අනුව දකිමින් වාසය කරන්ට, අනාත්මය අනුව දකිමින් වාසය කරන්ට, ක්‍ෂයවීම අනුව දකිමින් වාසය කරන්ට, විනාශය අනුව දකිමින් වාසය කරන්ට, විරාගය අනුව දකිමින් වාසය කරන්ට, නිරෝධය අනුව දකිමින් වාසය කරන්ට, දුරලීම අනුව දකිමින් වාසය කරන්ට, නුසුදුසු වේයයි වදාළේය.
[’’මහණෙනි, කරුණු එකොළසකින් යුක්තවූ ගොපළුතෙම ගව සමූහයා පරිහරණය කරන්ට සමෘද්ධ කරන්නට සමර්ත්‍ථ වේ. කවර එකොළොසකින්ද යත්? මහණෙනි, මේ ලෝකයෙහි ගොපළු තෙම, රූප දන්නේ වේද, ලකුණු දැනීමෙහි දක්‍ෂ වේද, මැසි බිජුවට වළකන්නේ වේද, වණය වසන්නේ වේද, දුම කරන්නේ වේද, තොටුපල දනීද, පානයකළහු දනීද, යායුතු මග දනීද, ගොදුරුතැන් දැනිීමහි දක්‍ෂ වේද, ඉතිරිකොට දොවින්නේවේද, ගව පීතෘවූ, ගව පරිනායකවූ, යම් ඒ වෘෂභයෝ වෙද්ද, ඔවුන්ට අධික පූජාවෙන් පුදන්නේ නොවේද, මහණෙනි, මේ කරුණු එකොළොසින් යුක්තවූ ගොපළුතෙම ගව සමූහයා පරිහරණය කරන්ට සමෘද්ධ කරන්නට සුදුසු වේ.
’’මහණෙනි, එපරිද්දෙන්ම ධර්‍ම එකොළොසකින් යුක්තවූ භික්‍ෂුතෙම ඇස කෙරෙහි අනිත්‍යය අනුව දකිමින් වාසය කරන්ට සුදුසු වේ. රූප දන්නේ වේද, ලකුණු දැනීමෙහි දක්‍ෂ වේද, මැසි බිජුවට වළකන්නේ වේද, වණය වසන්නේ වේද, දුම කරන්නේ වේද, තොටුපල දනීද, පානයකළහු දනීද, යායුතු මග දනීද, ගොදුරුතැන් දැනිීමහි දක්‍ෂ වේද, ඉතිරිකොට දොවින්නේවේද, ගව පීතෘවූ, ගව පරිනායකවූ, යම් ඒ වෘෂභයෝ වෙද්ද, ඔවුන්ට අධික පූජාවෙන් පුදන්නේ වේද, ඇස කෙරෙහි දුක අනුව දකිමින් වාසය කරන්ට සුදුසු වේ. ඇස කෙරෙහි අනාත්මය අනුව දකිමින් වාසය කරන්ට සුදුසු වේ. ඇස කෙරෙහි ක්‍ෂයවීම අනුව දකිමින් වාසය කරන්ට සුදුසු වේ. ඇස කෙරෙහි විනාශවීම අනුව දකිමින් වාසය කරන්ට සුදුසු වේ. ඇස කෙරෙහි නොඇලීම අනුව දකිමින් වාසය කරන්ට සුදුසු වේ. ඇස කෙරෙහි නිරුද්ධවීම අනුව දකිමින් වාසය කරන්ට සුදුසු වේ. ඇස කෙරෙහි දුරලීම අනුව දකිමින් වාසය කරන්ට සුදුසු වේ. කණෙහිද, නැහැයෙහිද, දිවෙහිද, කයෙහිද, සිතෙහිද, රූපයන්හිද, ශබ්දයන්හිද, ගන්‍ධයන්හිද, රසයන්හිද, ස්පර්‍ශයන්හිද, ධර්‍මයන්හිද, ඇස පිළිබඳ විඤ්ඤාණයෙහිද, කණ පිළිබඳ විඤ්ඤාණයෙහිද, නාසය පිළිබඳ විඤ්ඤාණයෙහිද, දිව පිළිබඳ විඤ්ඤාණයෙහිද, කය පිළිබඳ විඤ්ඤාණයෙහිද, සිත පිළිබඳ විඤ්ඤාණයෙහිද, ඇස පිළිබඳ ස්පර්‍ශයෙහිද, කණ පිළිබඳ ස්පර්‍ශයෙහිද, නාසය පිළිබඳ ස්පර්‍ශයෙහිද, දිව පිළිබඳ ස්පර්‍ශයෙහිද, කය පිළිබඳ ස්පර්‍ශයෙහිද, සිත පිළිබඳ ස්පර්‍ශයෙහිද, ඇස පිළිබඳ ස්පර්‍ශයෙන් හටගත් වේදනාවෙහිද, කණ පිළිබඳ ස්පර්‍ශයෙන් හටගත් වේදනාවෙහිද, නාසය පිළිබඳ ස්පර්‍ශයෙන් හටගත් වේදනාවෙහිද, දිව පිළිබඳ ස්පර්‍ශයෙන් හටගත් වේදනාවෙහිද, කය පිළිබඳ ස්පර්‍ශයෙන් හටගත් වේදනාවෙහිද, සිත පිළිබඳ ස්පර්‍ශයෙන් හටගත් වේදනාවෙහිද, රූප සංඥාවෙහිද, ශබ්ද සංඥාවෙහිද, ගන්‍ධ සංඥාවෙහිද, රශ සංඥාවෙහිද, ස්පර්‍ශයන් පිළිබඳ සංඥාවෙහිද, ධර්‍ම සංඥාවෙහිද, රූප සංඤ්චෙතනාවෙහිද, ශබ්ද සංඤ්චෙතනාවෙහිද, ගන්ධ සංඤ්චෙතනාවෙහිද, රශ සංඤ්චෙතනාවෙහිද, ඵොට්ඨබ්බ සංඤ්චෙතනාවෙහිද, ධර්‍ම සංඤ්චෙතනාවෙහිද, රූප තෘෂ්ණාවෙහිද, ශබ්ද තෘෂ්ණාවෙහිද, ගන්‍ධ තෘෂ්ණාවෙහිද, රශ තෘෂ්ණාවෙහිද, ස්පර්‍ශ තෘෂ්ණාවෙහිද, ධර්‍ම තෘෂ්ණාවෙහිද, රූප විතර්‍කයෙහිද, ශබ්ද විතර්‍කයෙහිද, ගන්ධ විතර්‍කයෙහිද, රශ විතර්‍කයෙහිද, ස්පර්‍ශයන් පිළිබඳ විතර්‍කයෙහිද, ධර්‍ම විතර්‍කයෙහිද, රූප විචාරයෙහිද, ශබ්ද විචාරයෙහිද, ගන්ධ විචාරයෙහිද, රශ විචාරයෙහිද, පොට්ඨබ්බ විචාරයෙහිද, ධර්‍ම විචාරයෙහිද, අනිත්‍ය අනුව දකිමින් වාසය කරන්ට, දුක අනුව දකිමින් වාසය කරන්ට, අනාත්මය අනුව දකිමින් වාසය කරන්ට, ක්‍ෂයවීම අනුව දකිමින් වාසය කරන්ට, විනාශය අනුව දකිමින් වාසය කරන්ට, විරාගය අනුව දකිමින් වාසය කරන්ට, නිරෝධය අනුව දකිමින් වාසය කරන්ට, දුරලීම අනුව දකිමින් වාසය කරන්ට, සමර්ත්‍ථ වේයයි වදාළේය. ]