අඞ්ගුත්තරනිකායො
එකාදසක නිපාතය
1. නිස්සය වර්‍ගය
6. ඒකාදසව්‍යසන සූත්‍රය
’’මහණෙනි, යම් ඒ භික්‍ෂුවක් තෙම සමාන බඹසර ඇත්තවුන්ට ආක්‍රෝෂ පරිභව කරන්නේ ආර්‍ය්‍යයන්ට දොස් කියන්නේ වේද, හෙතෙම එකොළොස් වැදෑරුම් ව්‍යසනයන් අතුරෙන් එක්තරා ව්‍යසනයකට නොපැමිණෙන්නේය යන යමක් වේද, මෙයට කරුණු රහිතයි අවකාශ නැත්තේය.
’’කවර නම් එකොළසකටද යත්? නොලබන ලද්ද නොලබයි. ලබන ලද්දෙන් පිරිහෙයි. සද්ධර්මය පැහැදිළි නොවෙයි. සද්ධර්මයන්හි හෝ අධික මාන ඇත්තේ වෙයි. නො ඇථනේ හෝ බඹසර හැසිරෙයි. එක්තරා කිථටුවූ ඇවතකට හෝ පැමිණෙයි. ශික්‍ෂාව හැර දමා ගිහිබවට පැමිණෙයි. දැඩිවූ රෝගාබාධයක් හෝ ස්පර්‍ශ කරයි. චිත්ත වික්‍ෂෙප ඇත්තාවූ උමතුබවට හෝ පැමිණෙයි. අතිශයින් මුළාවූයේ කළුරිය කරයි. ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සැප නැත්තාවූ, දුකට පිහිටවූ, විවසව පතිත වන්නාවූ නරකයෙහි උපදියි.
’’මහණෙනි, යම් ඒ භික්‍ෂුවක් තෙම ආය්‍රේයාපවාද ඇත්තේ, සමාන බඹසර ඇත්තවුන්ට ආක්‍රොෂ පරිශව කරන්නේ වේද, හෙතෙම මේ එකොළොස් වැදෑරුම් ව්‍යසනයන් අතුරෙන් එක්තරා ව්‍යසනයකට නොපැමිණෙන්නේය යන යමක් වේද, මෙයට කරුණු රහිත වේ. අවකාශ රහිත වේ යයි වදාළ සේක.’’