අංගුත්තර නිකාය
දුක නිපාතය
පළමුවෙනි පණ්ණාසකය
3. තුන්වෙනි පණ්ණාසකය
17. විනය පෙය්‍යාල හෙවත් ශික්ෂාපද වර්ගය
රාග අභිඤ්ඤා සූත්‍රය:—“මහණෙනි, රාගයාගේ මනා දැනීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්.
කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද (අනිත්‍ය දුඃඛ අනාත්ම වශයෙන් විවිධාකාරයෙන් සංස්කාර ධර්මයන් දැකීම කොට ඇති) විදර්ශනාවද යන දෙකයි.
“මහණෙනි, රාගයාගේ මනා දැනීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.”
රාගපරිඤ්ඤා සූත්‍රය:—1 “මහණෙනි, රාගයාගේ පිරිසුදුව දැනගැනීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්, කවර දෙකක්ද යත්, සමාධියද විදර්ශනාවද වෙත්. මහණෙනි, රාගයාගේ පිරිසුදුව දැනගැනීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.”
රාගපරික්ඛය සූත්‍රය:—“මහණෙනි, රාගයාගේ ගෙවීම පිණිස දහම් දෙකක් වැඩියයුතු වෙත්. කවර දෙකක්ද යත්. සමාධියද විදර්ශනාවද වෙත්. මහණෙනි, රාගයාගේ ගෙවීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්”
රාගපහාන සූත්‍රය:—“මහණෙනි, රාගයාගේ දුරුකිරීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. කවර දෙකක්ද යත් සමාධියද විදර්ශනාවද වෙත්. මහණෙනි, රාගයාගේ දුරුකිරීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්”
රාගක්ඛය සූත්‍රය:—“මහණෙනි, රාගයාගේ නැතිවීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. කවර දෙකක්ද යත්. සමාධියද විදර්ශනාවද වෙත්. මහණෙනි, රාගයාගේ නැතිවීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.”
රාගවය සූත්‍රය:—“මහණෙනි, රාගයාගේ විනාසය පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. කවර දෙකක්ද යත්. සමාධියද විදර්ශනාවද වෙත්. මහණෙනි, රාගයාගේ විනාශය පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.”
රාගවිරාග සූත්‍රය:—“මහණෙනි, රාගයාගේ නොඇල්ම පිණිස දහම් දෙකක් වැඩිය යුතුවෙත්, කවර දෙකක්ද යත්, සමාධියද විදර්ශනාවද වෙත්. මහණෙනි, රාගයාගේ නොඇල්ම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්”
රාග නිරෝධ සූත්‍රය:—“මහණෙනි, රාගයාගේ නිරුද්ධිය පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්, කවර දෙකක්ද යත්, සමාධියද විදර්ශනාවද වෙත්. මහණෙනි, රාගයාගේ නිරුද්ධිය පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.”
රාගචාග සූත්‍රය:—“මහණෙනි, රාගයාගේ අත්හැරීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්, කවර දෙකක්ද යත්, සමාධියද විදර්ශනාවද වෙත්. මහණෙනි, රාගයාගේ අත්හැරීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.”
රාග පටිනිස්සග්ග සූත්‍රය:—“මහණෙනි, රාගයාගේ බැහැරලීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්, කවර දෙකක්ද යත්, සමාධියද විදර්ශනාවද වෙත්. මහණෙනි, රාගයාගේ බැහැරලීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්”
දොස අභිඤ්ඤා සූත්‍රය-“මහණෙනි, ද්වෙෂයාගේ මනා දැනීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. කවර දෙකක්ද යත්: සමාධියද විදර්ශනාවද යන දෙකයි මහණෙනි, ද්වෙෂයාගේ මනාදැනීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.”
දොසපරිඤ්ඤා සූත්‍රය:—“මහණෙනි, ද්වෙෂයාගේ පිරිසිදුව දැනගැනීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. කවර දෙකක්ද යත්: සමාධියද විදර්ශනාවද යන දෙකයි. මහණෙනි, ද්වෙෂයාගේ පිරිසිදුව දැනගැනීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.”
දොසපරික්ඛය සූත්‍රය:—“මහණෙනි, ද්වෙෂයාගේ ගෙවීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. කවර දෙකක්ද යත්, සමාධියද විදර්ශනාවද යන දෙකයි. මහණෙනි, ද්වෙෂයාගේ ගෙවීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.”
දොසපහාන සූත්‍රය:—“මහණෙනි, ද්වේෂයාගේ දුරුකිරීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. කවර දෙකක්ද යත්: සමාධියද විදර්ශනාවද යන දෙකයි මහණෙනි, ද්වේෂයාගේ දුරුකිරීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.”
දොසක්ඛය සූත්‍රය:—“මහණෙනි, ද්වේෂයාගේ නැතී වීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. කවර දෙකක්ද යත්, සමාධියද විදර්ශනාවද යන දෙකයි. මහණෙනි, ද්වේෂයාගේ නැතිවීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.”
දොසවය සූත්‍රය:—“මහණෙනි, ද්වේෂයාගේ විනාශය පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. කවර දෙකක්ද යත්, සමාධියද විදර්ශනාවද යන දෙකයි. මහණෙනි, ද්වෙෂයාගේ විනාශය පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්”
දොසවිරාග සූත්‍රය:—“මහණෙනි, ද්වේෂයාගේ නොඇල්ම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. කවර දෙකක්ද යත්, සමාධියද විදර්ශනාවද යන දෙකයි. මහණෙනි, ද්වේෂයාගේ නොඇල්ම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.’
දොස නිරොධ සූත්‍රය:—“මහණෙනි, ද්වේෂයාගේ නිරුද්ධිය පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. කවර දෙකක්ද යත්, සමාධියද විදර්ශනාවද යන දෙකයි මහණෙනි, ද්වේෂයාගේ නිරුද්ධිය පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්”
දොසචාග සූත්‍රය:—“මහණෙනි, ද්වේෂයාගේ අත්හැරීම පිණිස දහම් දෙකක් වැඩියයුතු වෙත් කවර දෙකක්ද යත්, සමාධියද විදර්ශනාවද යන දෙකයි. මහණෙනි, ද්වෙෂයාගේ අත්හැරීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.”
දොසපටිනිස්සග්ග සූත්‍රය:—“මහණෙනි, ද්වෙෂයාගේ බැහැරලීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. කවර දෙකක්ද යත්, සමාධියද විදර්ශනාවද යන දෙකයි. මහණෙනි, ද්වෙෂයාගේ බැහැරලීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.”
මොහඅභිඤ්ඤා සූත්‍රය:—“මහණෙනි, මොහයාගේ මනාදැනීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද විදර්ශනාවද යන දෙකයි. මහණෙනි, මොහයාගේ මනාදැනීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.”
මොහපරිඤ්ඤා සූත්‍රය:—“මහණෙනි, මොහයාගේ පිරිසුදුව දැනගැනීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද විදර්ශනාවද යන දෙකයි. මහණෙනි, මොහයාගේ පිරිසුදුව දැනගැනීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්”
මොහපරික්ඛය සූත්‍රය:—“මහණෙනි, මොහයාගේ ගෙවීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද විදර්ශනාවද යන දෙකයි. මහණෙනි, මොහයාගේ ගෙවීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.”
මොහපහාන සූත්‍රය:—“මහණෙනි, මොහයාගේ දුරුකිරීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද විදර්ශනාවද යන දෙකයි මහණෙනි, මොහයාගේ දුරුකිරීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.”
මොහක්ඛය සූත්‍රය:—“මහණෙනි, මොහයාගේ නැතිවීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද විදර්ශනාවද යන දෙකයි. මහණෙනි, මොහයාගේ නැතිවීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.”
මොහවය සූත්‍රය:—“මහණෙනි, මොහයාගේ විනාශය පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද විදර්ශනාවද යන දෙකයි. මහණෙනි, මොහයාගේ විනාශය පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.”
මොහවිරාග සූත්‍රය-“මහණෙනි, මොහයාගේ නොඇල්ම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද විදර්ශනාවද යන දෙකයි. මහණෙනි, මොහයාගේ නොඇල්ම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්”
මොහනිරොධ සූත්‍රය:—“මහණෙනි, මොහයාගේ නිරුද්ධිය පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද විදර්ශනාවද යන දෙකයි. මහණෙනි, මොහයාගේ නිරුද්ධිය පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්”
මොහචාග සූත්‍රය:—“මහණෙනි, මොහයාගේ අත් හැරීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද විදර්ශනාවද යන දෙකයි. මහණෙනි, මොහයාගේ අත්හැරීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්”
මොහපටිනිස්සග්ග සූත්‍රය:—“මහණෙනි, මොහයාගේ බැහැරලීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද විදර්ශනාවද යන දෙකයි. මහණෙනි, මොහයාගේ බැහැරලීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.”
කොධඅභිඤ්ඤා සූත්‍රය:—“මහණෙනි, ක්‍රොධයාගේ මනාදැනීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද විදර්ශනාවද යන දෙකයි. මහණෙනි, ක්‍රොධයාගේ මනාදැනීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.”
කොධපරිඤ්ඤා සූත්‍රය:—“මහණෙනි, ක්‍රොධයාගේ පිරිසුදුව දැනගැනීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද විදර්ශනාවද යන දෙකයි. මහණෙනි, ක්‍රොධයාගේ පිරිසුදුව දැනගැනීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.”
කොධපරික්ඛය සූත්‍රය:—“මහණෙනි, ක්‍රොධයාගේ ගෙවීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද විදර්ශනාවද යන දෙකයි. මහණෙනි, ක්‍රොධයාගේ ගෙවීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.”
කොධපහාන සූත්‍රය:—“මහණෙනි, ක්‍රොධයාගේ දුරුකිරීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත් කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද විදර්ශනාවද යන දෙකයි. මහණෙනි, ක්‍රොධයාගේ දුරුකිරීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.”
කොධක්ඛය සූත්‍රය:—“මහණෙනි, ක්‍රොධයාගේ නැතිවීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද විදර්ශනාවද යන දෙකයි. මහණෙනි, ක්‍රොධයාගේ නැතිවීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.”
කොධවය සූත්‍රය:—“මහණෙනි, ක්‍රොධයාගේ විනාශය පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත් කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද විදර්ශනාවද යන දෙකයි මහණෙනි, ක්‍රොධයාගේ විනාශය පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.”
කොධවිරාග සූත්‍රය:—“මහණෙනි, ක්‍රොධයාගේ නොඇල්ම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද විදර්ශනාවද යන දෙකයි. මහණෙනි, ක්‍රොධයාගේ නොඇල්ම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.”
කොධනිරොධ සූත්‍රය:—“මහණෙනි, ක්‍රෙධයාගේ නිරුද්ධිය පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද විදර්ශනාවද යන දෙකයි. මහණෙනි, ක්‍රොධයාගේ නිරුද්ධිය පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.”
කොධචාග සූත්‍රය:—“මහණෙනි, ක්‍රොධයාගේ අත්හැරීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද විදර්ශනාවද යන දෙකයි. මහණෙනි, ක්‍රොධයාගේ අත්හැරීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්”
කොධපටිනිස්සග්ග සූත්‍රය:—“මහණෙනි, ක්‍රොධයාගේ බැහැරලීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද විදර්ශනාවද යන දෙකයි. මහණෙනි, ක්‍රොධයාගේ බැහැරලීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්”
උපනාහ අභිඤ්ඤා සූත්‍රය:—“මහණෙනි, බද්ධ වෛරයාගේ මනා දැනීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද විදර්ශනාවද යන දෙකයි. ‘මහණෙනි, බද්ධවෛරයාගේ මනා දැනීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.”
උපනාහ පරිඤ්ඤා සූත්‍රය:—“මහණෙනි, බද්ධවෛරයාගේ පිරිසුදුව දැනගැනීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද විදර්ශනාවද යන දෙකයි. මහණෙනි, බද්ධවෛරයාගේ පිරිසුදුව දැනගැනීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.”
උපනාහ පරික්ඛය සූත්‍රය:—“මහණෙනි, බද්ධ වෛරයාගේ ගෙවීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද විදර්ශනාවද යන දෙකයි. මහණෙනි, බද්ධවෛරයාගේ ගෙවීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.”
උපනාහපහාන සූත්‍රය:—“මහණෙනි, බද්ධවෛරයාගේ දුරුකිරීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද විදර්ශනාවද යන දෙකයි. මහණෙනි, බද්ධවෛරයාගේ දුරුකිරීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.”
උපනාහක්ඛය සූත්‍රය:—“මහණෙනි, බද්ධවෛරයාගේ නැතිවීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද විදර්ශනාවද යන දෙකයි. මහණෙනි, බද්ධවෛරයාගේ නැතිවීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.”
උපනාහවය සූත්‍රය:—“මහණෙනි, බද්ධවෛරයාගේ විනාශය පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද විදර්ශනාවද යන දෙකයි. මහණෙනි, බද්ධවෛරයාගේ විනාශය පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.”
උපනාහ විරාග සූත්‍රය:—“මහණෙනි, බද්ධවෛරයාගේ නොඇල්ම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද විදර්ශනාවද යන දෙකයි. මහණෙනි, බද්ධවෛරයාගේ නොඇල්ම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.”
උපනාහනිරොධ සූත්‍රය:—“මහණෙනි, බද්ධවෛරයාගේ නිරුද්ධිය පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද විදර්ශනාවද යන දෙකයි. මහණෙනි, බද්ධවෛරයාගේ නිරුද්ධිය පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.’
උපනාහචාග සූත්‍රය:—“මහණෙනි, බද්ධවෛරයාගේ අත්හැරීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද විදර්ශනාවද යන දෙකයි මහණෙනි, බද්ධවෛරයාගේ අත්හැරීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.”
උපනාහපටිනිස්සග්ග සූත්‍රය:—“මහණෙනි, බද්ධ වෛරයාගේ බැහැරලීම පිණිස දහම් දෙකක් වැඩිය යුතුවෙත් කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද විදර්ශනාවද යන දෙකයි මහණෙනි, බද්ධවෛරයාගේ බැහැරලීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.”
මක්ඛඅභිඤ්ඤා සූත්‍රය:—“මහණෙනි, ගුණමකුබවගේ මනා දැනීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද විදර්ශනාවද යන දෙකයි. මහණෙනි, ගුණමකුබවගේ මනාදැනීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.”
මක්ඛපරිඤ්ඤා සූත්‍රය:—“මහණෙනි, ගුණමකුබවගේ පිරිසුදු දැනගැනීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද විදර්ශනාවද යන දෙකයි මහණෙනි, ගුණමකුබවගේ පිරිසුදු දැනගැන්ම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.”
මක්ඛපරික්ඛය සූත්‍රය:—“මහණෙනි, ගුණමකුබවගේ ගෙවීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද විදර්ශනාවද යන දෙකයි. මහණෙනි, ගුණමකුබවගේ ගෙවීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.”
මක්ඛපහාන සූත්‍රය:—“මහණෙනි, ගුණමකුබවගේ දුරුකිරීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද විදර්ශනාවද යන දෙකයි. මහණෙනි, ගුණමකුබවගේ දුරුකිරීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.”
මක්ඛක්ඛය සූත්‍රය:—“මහණෙනි, ගුණමකුබවගේ නැතිවීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද විදර්ශනාවද යන දෙකයි. මහණෙනි, ගුණමකුබවගේ නැතිවීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.”
මක්ඛවය සූත්‍රය:—“මහණෙනි, ගුණමකුබවගේ විනාශය පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද විදර්ශනාවද යන දෙකයි මහණෙනි, ගුණමකුබවගේ විනාශය පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.”
මක්ඛවිරාග සූත්‍රය:—“මහණෙනි, ගුණමකුබවගේ නොඇල්ම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද විදර්ශනාවද යන දෙකයි. මහණෙනි, ගුණමකුබවගේ නොඇල්ම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.”
මක්ඛ නිරොධ සූත්‍රය:—“මහණෙනි, ගුණමකුබවගේ නිරුද්ධිය පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද විදර්ශනාවද යන දෙකයි. මහණෙනි, ගුණමකුබවගේ නිරුද්ධිය පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.”
මක්ඛචාග සූත්‍රය:—“මහණෙනි, ගුණමකුබවගේ අත්හැරීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද විදර්ශනාවද යන දෙකයි. මහණෙනි, ගුණමකුබවගේ අත්හැරීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.”
මක්ඛපටිනිස්සග්ග සූත්‍රය:—“මහණෙනි, ගුණමකුබවගේ බැහැරලීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත් කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද විදර්ශනාවද යන දෙකයි. මහණෙනි, ගුණමකුබවගේ බැහැරලීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.”
පලාස අභිඤ්ඤා සූත්‍රය:—“මහණෙනි, යුගග්‍රාහයාගේ (එකට එක කිරීමේ) මනා දැනීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද විදර්ශනාවද යන දෙකයි. මහණෙනි, එකට එක කිරීමේ මනා දැනීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.”
පලාසපරිඤ්ඤා සූත්‍රය:—“මහණෙනි, එකට එක කිරීමේ පිරිසුදු දැනගැන්ම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද විදර්ශනාවද යන දෙකයි. මහණෙනි, එකට එක කිරීමේ පිරිසුදු දැනගැන්ම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.”
පලාසපරික්ඛය සූත්‍රය:—“මහණෙනි, එකට එක කිරීමේ ගෙවීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද විදර්ශනාවද යන දෙකයි මහණෙනි, එකට එක කිරීමේ ගෙවීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.”
පලාසපහාන සූත්‍රය:—“මහණෙනි, එකට එක කිරීමේ දුරුකිරීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද විදර්ශනාවද යන දෙකයි. මහණෙනි, එකට එක කිරීමේ දුරුකිරීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.”
පලාසක්ඛය සූත්‍රය:—“මහණෙනි, එකට එක කිරීමේ නැතිවීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද විදර්ශනාවද යන දෙකයි. මහණෙනි, එකට එකකිරීමේ නැතිවීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.”
පලාසවය සූත්‍රය:—“මහණෙනි, එකට එක කිරීමේ විනාශය පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද විදර්ශනාවද යන දෙකයි මහණෙනි, එකට එක කිරීමේ විනාශය පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.”
පලාස විරාග සූත්‍රය:—“මහණෙනි, එකට එක කිරීමේ නොඇල්ම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්, කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද විදර්ශනාවද යන දෙකයි. මහණෙනි, එකට එක කිරීමේ මනා දැනීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.”
පලාස නිරොධ සූත්‍රය:—“මහණෙනි, එකට එක කිරීමේ නිරුද්ධිය පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද විදර්ශනාවද යන දෙකයි. මහණෙනි, එකට එක කිරීමේ මනා දැනීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.”
පලාසචාග සූත්‍රය:—“මහණෙනි, එකට එක කිරීමේ අත්හැරීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද විදර්ශනාවද යන දෙකයි. මහණෙනි, එකට එක කිරීමේ මනා දැනීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.”
පලාස පටිනිස්සග්ග සූත්‍රය:—“මහණෙනි, එකට එක කිරීමේ බැහැරලීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද විදර්ශනාවද යන දෙකයි. මහණෙනි, එකට එක කිරීමේ මනා දැනගැනීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.”
ඉස්සා අභිඤ්ඤා සූත්‍රය:—“මහණෙනි, ඊෂ්‍ය_ාවගේ මනා දැනගැනීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද විදර්ශනාවද යන දෙකයි. මහණෙනි, ඊෂ්‍ය_ාවගේ මනා දැනීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.”
ඉස්සා පරිඤ්ඤා සූත්‍රය:—“මහණෙනි, ඊෂ්‍ය_ාවගේ පිරිසිදු දැනගැනීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද විදර්ශනාවද යන දෙකයි. මහණෙනි, ඊෂ්‍ය_ාවගේ පිරිසුදු දැනීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.”
ඉස්සා පරික්ඛය සූත්‍රය:—“මහණෙනි, ඊෂ්‍ය_ාවගේ ගෙවීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද විදර්ශනාවද යන දෙකයි. මහණෙනි, ඊෂ්‍ය_ාවගේ ගෙවීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.”
ඉස්සා පහාන සූත්‍රය:—“මහණෙනි, ඊෂ්‍ය_ාවගේ දුරුකිරීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද විදර්ශනාවද යන දෙකයි. මහණෙනි, ඊෂ්‍ය_ාවගේ දුරුකිරීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.
ඉස්සාක්ඛය සූත්‍රය:—“මහණෙනි, ඊෂ්‍ය_ාවගේ නැතිවීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද විදර්ශනාවද යන දෙකයි. මහණෙනි, ඊෂ්‍ය_ාවගේ නැතිවීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.”
ඉස්සාවය සූත්‍රය:—“මහණෙනි, ඊෂ්‍ය_ාවගේ විනාශය පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද විදර්ශනාවද යන දෙකයි. මහණෙනි, ඊෂ්‍ය_ාවගේ විනාසය පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.”
ඉස්සාවිරාග සූත්‍රය:—“මහණෙනි, ඊෂ්‍ය_ාවගේ නොඇල්ම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. කවර දෙකක්ද යත්. සිත්හි එකඟ බව (සමාධිය) ද විදර්ශනාවද යන දෙකයි. මහණෙනි, ඊෂ්‍ය_ාවගේ නොඇල්ම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.”
ඉස්සානිරොධ සූත්‍රය:—“මහණෙනි, ඊෂ්‍ය_ාවගේ නිරුද්ධිය පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද විදර්ශනාවද යන දෙකයි. මහණෙනි, ඊෂ්‍ය_ාවගේ නිරුද්ධිය පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්”
ඉස්සාචාග සූත්‍රය:—“මහණෙනි, ඊෂ්‍ය_ාවගේ අත්හැරීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද විදර්ශනාවද යන දෙකයි මහණෙනි, ඊෂ්‍ය_ාවගේ අත්හැරීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.”
ඉස්සාපටිනිස්සග්ග සූත්‍රය:—“මහණෙනි, ඊෂ්‍ය_ාවගේ බැහැරලීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද විදර්ශනාවද යන දෙකයි. මහණෙනි, ඊෂ්‍ය_ාවගේ බැහැරලීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.”
මච්ඡරිය අභිඤ්ඤා සූත්‍රය:—“මහණෙනි, මසුරුබවගේ මනා දැනගැනීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත් කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද විදර්ශනාවද යන දෙකයි. මහණෙනි, මසුරුබවගේ මනා දැනීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.
මච්ඡරිය පරිඤ්ඤා සූත්‍රය:—“මහණෙනි, මසුරුබවගේ පිරිසුදු දැනගැන්ම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද විදර්ශනාවද යන දෙකයි. මහණෙනි, මසුරුබවගේ පිරිසුදු දැනගැන්ම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.”
මච්ඡරිය පරික්ඛය සූත්‍රය:—“මහණෙනි, මසුරුබවගේ ගෙවීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද විදර්ශනාවද යන දෙකයි. මහණෙනි, මසුරුබවගේ ගෙවීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.”
මච්ඡරියපහාන සූත්‍රය:—“මහණෙනි, මසුරුබවගේ දුරුකිරීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද විදර්ශනාවද යන දෙකයි මහණෙනි, මසුරුබවගේ දුරුකිරීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.”
මච්ඡරියක්ඛය සූත්‍රය:—“මහණෙනි, මසුරුබවගේ නැතිවීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද විදර්ශනාවද යන දෙකයි. මහණෙනි, මසුරුබවගේ නැතිවීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.”
මච්ඡරියවය සූත්‍රය:—“මහණෙනි, මසුරුබවගේ විනාශය පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද විදර්ශනාවද යන දෙකයි. මහණෙනි, මසුරුබවගේ විනාශය පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.”
මච්ඡරිය විරාග සූත්‍රය:—“මහණෙනි, මසුරුබවගේ නොඇල්ම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද විදර්ශනාවද යන දෙකයි. මහණෙනි, මසුරුබවගේ නොඇල්ම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.”
මච්ඡරිය නිරොධ සූත්‍රය:—“මහණෙනි, මසුරුබවගේ නිරුද්ධිය පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද විදර්ශනාවද යන දෙකයි. මහණෙනි, මසුරුබවගේ නිරුද්ධිය පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.”
මච්ඡරිය චාග සූත්‍රය:—“මහණෙනි, මසුරුබවගේ අත්හැරීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද විදර්ශනාවද යන දෙකයි. මහණෙනි, මසුරුබවගේ අත්හැරීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.”
මච්ඡරිය පටිනිස්සග්ග සූත්‍රය:—“මහණෙනි, මසුරුබවගේ බැහැරලීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද විදර්ශනාවද යන දෙකයි. ‘මහණෙනි, මසුරුබවගේ බැහැරලීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.”
මායාඅභිඤ්ඤා සූත්‍රය:—“මහණෙනි, මායාවගේ මනා දැනගැනීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද විදර්ශනාවද යන දෙකයි. මහණෙනි, මායාවගේ මනා දැනීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.”
මායාපරිඤ්ඤා සූත්‍රය:—“මහණෙනි, මායාවගේ පිරිසුදු දැනගැන්ම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද විදර්ශනාවද යන දෙකයි. මහණෙනි, මායාවගේ පිරිසුදු දැනගැන්ම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.’
මායාපරික්ඛය සූත්‍රය:—“මහණෙනි, මායාවගේ ගෙවීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද විදර්ශනාවද යන දෙකයි. මහණෙනි, මායාවගේ ගෙවීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.”
මායාපහාන සූත්‍රය:—“මහණෙනි, මායාවගේ දුරු කිරීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද විදර්ශනාවද යන දෙකයි මහණෙනි, මායාවගේ දුරුකිරීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.”
මායාක්ඛය සූත්‍රය:—“මහණෙනි, මායාවගේ නැතිවීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද විදර්ශනාවද යන දෙකයි. මහණෙනි, මායාවගේ නැතිවීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.”
මායාවය සූත්‍රය:—“මහණෙනි, මායාවගේ විනාශය පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද විදර්ශනාවද යන දෙකයි. මහණෙනි, මායාවගේ විනාශය පිණිස මේ දහම් දෙක වැඩියයුතු වෙත්.”
මායාවිරාග සූත්‍රය:—“මහණෙනි, මායාවගේ නොඇල්ම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද විදර්ශනාවද යන දෙකයි. මහණෙනි, මායාවගේ නොඇල්ම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.”
මායා නිරොධ සූත්‍රය:—“මහණෙනි, මායාවගේ නිරුද්ධිය පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද විදර්ශනාවද යන දෙකයි. මහණෙනි, මායාවගේ නිරුද්ධිය පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.”
මායාචාග සූත්‍රය:—“මහණෙනි, මායාවගේ අත්හැරීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද විදර්ශනාවද යන දෙකයි. මහණෙනි, මායාවගේ අත්හැරීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.”
මායා පටිනිස්සග්ග සූත්‍රය:—“මහණෙනි, මායාවගේ බැහැරලීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. කවර දෙකක්ද යත්, සිත්හි එකඟබව (සමාධිය) ද විදර්ශනාවද යන දෙකයි. මහණෙනි, මායාවගේ බැහැරලීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.”
සාඨෙය්‍ය අභිඤ්ඤා සූත්‍රය:—“මහණෙනි, (නැති ගුණ දක්වන) කෛරාටික භාවයාගේ මනා දැනීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය)
ද විදර්ශනාවද යන දෙකයි. “මහණෙනි, කෛරාටික භාවයාගේ මනාදැනීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.”
සාඨෙය්‍ය පරිඤ්ඤා සූත්‍රය:—“මහණෙනි, කෛරාටික භාවයාගේ පිරිසුදු දැනගැනීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්, කවර දෙකක්ද යත්, සිත්හි එකඟබව (සමාධිය) ද විදර්ශනාවද වෙත්. මහණෙනි, කෛරාටික භාවයාගේ පිරිසුදු දැනගැනීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.”
සාඨෙය්‍ය පරික්ඛය සූත්‍රය:—“මහණෙනි, කෛරාටික භාවයාගේ ගෙවීම පිණිස දහම් දෙකක් වැඩියයුතු වෙත්. කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද විදර්ශනාවද වෙත්. මහණෙනි, කෛරාටික භාවයාගේ ගෙවීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්”
සාඨෙය්‍ය පහාන සූත්‍රය:—“මහණෙනි, කෛරාටික භාවයාගේ දුරුකිරීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. කවර දෙකක්ද යත් සිත්හි එකඟබව (සමාධිය) ද විදර්ශනාවද වෙත්. මහණෙනි, කෛරාටික භාවයාගේ දුරුකිරීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.”
සාඨෙය්‍යක්ඛය සූත්‍රය:—“මහණෙනි, කෛරාටික භාවයාගේ නැතිවීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. කවර දෙකක්ද යත් සිත්හි එකඟ බව (සමාධිය) ද විදර්ශනාවද වෙත් මහණෙනි, කෛරාටික භාවයාගේ නැතිවීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්”
සාඨෙය්‍යවය සූත්‍රය:—“මහණෙනි, කෛරාටික භාවයාගේ විනාශය පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද විදර්ශනාවද වෙත් මහණෙනි, කෛරාටික භාවයාගේ විනාශය පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.”
සාඨෙය්‍ය විරාග සූත්‍රය:—“මහණෙනි, කෛරාටික භාවයාගේ නොඇල්ම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. කවර දෙකක්ද යත්, සිත්හි එකඟබව (සමාධිය) ද විදර්ශනාවද වෙත්. මහණෙනි, කෛරාටික භාවයාගේ නොඇල්ම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්”
සාඨෙය්‍ය නිරෝධ සූත්‍රය:—“මහණෙනි, කෛරාටික භාවයාගේ නිරුද්ධිය පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද විදර්ශනාවද වෙත්. මහණෙනි, කෛරාටික භාවයාගේ නිරුද්ධිය පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.”
සාඨෙය්‍ය චාග සූත්‍රය:—“මහණෙනි, කෛරාටික භාවයාගේ අත්හැරීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. කවර දෙකක්ද යත්, සිත්හි එකඟබව (සමාධිය) ද විදර්ශනාවද වෙත් මහණෙනි, කෛරාටික භාවයාගේ අත්හැරීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.”
සාඨෙය්‍ය පටිනිස්සග්ග සූත්‍රය:—“මහණෙනි, කෛරාටික භාවයාගේ බැහැරලීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. කවර දෙකක්ද යත්, සිත්හි එකඟබව (සමාධිය) ද විදර්ශනාවද වෙත්. මහණෙනි, කෛරාටික භාවයාගේ බැහැරලීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.”
ථම්හ අභිඤ්ඤා සූත්‍රය:—“මහණෙනි, (ක්‍රොධ මාන වශයෙන් පැවති අවවාදයට නොනැමෙන) තද ස්වභාවයාගේ මනා දැනීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. කවර දෙකක්ද යත්: සිත්හි එකඟ බව (සමාධිය) ද විදර්ශනාවද යන දෙකයි මහණෙනි, තදස්වභාවයාගේ මනාදැනීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.”
ථම්හ පරිඤ්ඤා සූත්‍රය:—“මහණෙනි, (ක්‍රොධ මාන වශයෙන් පැවති අවවාදයට නොනැමෙන) තද ස්වභාවයාගේ පිරිසිදු දැනගැන්ම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. කවර දෙකක්ද යත්: සිත්හි එකඟබව (සමාධිය) ද විදර්ශනාවද යන දෙකයි මහණෙනි, තදස්වභාවයාගේ පිරිසිදු දැනගැන්ම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.”
ථම්හ පරික්ඛය සූත්‍රය:—“මහණෙනි, (ක්‍රොධ මාන වශයෙන් පැවති අවවාදයට නොනැමෙන) තදස්වභාවයාගේ ගෙවීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. කවර දෙකක්ද යත්, සිත්හි එකඟබව (සමාධිය) ද විදර්ශනාවද යන දෙකයි. මහණෙනි, තදස්වභාවයාගේ ගෙවීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.”
ථම්හ පහාන සූත්‍රය:—“මහණෙනි, (ක්‍රොධ මාන වශයෙන් පැවති අවවාදයට නොනැමෙන) තද ස්වභාවයාගේ දුරුකිරීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. කවර දෙකක්ද යත්: සිත්හි එකඟබව (සමාධිය) ද විදර්ශනාවද යන දෙකයි. මහණෙනි, තදස්වභාවයාගේ දුරුකිරීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.”
ථම්හක්ඛය සූත්‍රය:—“මහණෙනි, (ක්‍රොධ මාන වශයෙන් පැවති අවවාදයට නොනැමෙන) තද ස්වභාවයාගේ නැතිවීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. කවර දෙකක්ද යත්, සිත්හි එකඟබව (සමාධිය) ද විදර්ශනාවද යන දෙකයි. මහණෙනි, තදස්වභාවයාගේ නැතිවීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.”
ථම්භවය සූත්‍රය:—“මහණෙනි, (ක්‍රොධ මාන වශයෙන් පැවති අවවාදයට නොනැමෙන) තද ස්වභාවයාගේ විනාශය පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද විදර්ශනාවද යන දෙකයි. මහණෙනි, තදස්වභාවයාගේ විනාශය පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.”
ථම්භ විරාග සූත්‍රය:—“මහණෙනි, (ක්‍රොධ මාන වශයෙන් පැවති අවවාදයට නොනැමෙන) තද ස්වභාවයාගේ නොඇල්ම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද විදර්ශනාවද යන දෙකයි. මහණෙනි, තදස්වභාවයාගේ නොඇල්ම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.”
ථම්භ නිරොධ සූත්‍රය:—“මහණෙනි, (ක්‍රොධ මාන වශයෙන් පැවති අවවාදයට නොනැමෙන) තද ස්වභාවයාගේ නිරුද්ධිය පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්, කවර දෙකක්ද යත්, සිත්හි එකඟබව (සමාධිය) ද විදර්ශනාවද යන දෙකයි. මහණෙනි, තදස්වභාවයාගේ නිරුද්ධිය පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.”
ථම්භ චාග සූත්‍රය:—“මහණෙනි, (ක්‍රොධ මාන වශයෙන් පැවති අවවාදයට නොනැමෙන) තද ස්වභාවයාගේ අත්හැරීම පිණිස දහම් දෙකක් වැඩියයුතු වෙත්. කවර දෙකක්ද යත්, සිත්හි එකඟබව (සමාධිය) ද විදර්ශනාවද යන දෙකයි. මහණෙනි, තදස්වභාවයාගේ අත්හැරීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.”
ථම්භපටිනිස්සග්ග සූත්‍රය:—“මහණෙනි, (ක්‍රොධ මාන වශයෙන් පැවති අවවාදයට නොනැමෙන) තද ස්වභාවයාගේ බැහැරලීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. කවර දෙකක්ද යත්, සිත්හි එකඟබව (සමාධිය) ද විදර්ශනාවද යන දෙකයි. මහණෙනි, තදස්වභාවයාගේ බැහැරලීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.”
සාරම්භ අභිඤ්ඤා සූත්‍රය:—“මහණෙනි, (කරණොත්තරියකරණ) පළිගැනීම් ස්වභාවයාගේ මනාදැනීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත් කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද විදර්ශනාවද යන දෙකයි. මහණෙනි, පළිගැනීම් ස්වභාවයාගේ මනාදැනීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.”
සාරම්භ පරිඤ්ඤා සූත්‍රය:—“මහණෙනි, (කරණොත්තරියකරණ) පළිගැනීම් ස්වභාවයාගේ පිරිසුදු දැනගැනීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. කවර දෙකක්ද යත්, සිත්හි එකඟබව (සමාධිය) ද විදර්ශනාවද යන දෙකයි. මහණෙනි, පළිගැනීම් ස්වභාවයාගේ පිරිසුදු දැනගැනීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.”
සාරම්භ පරික්ඛය සූත්‍රය:—“මහණෙනි, (කරණොත්තරියකරණ) පළිගැනීම් ස්වභාවයාගේ ගෙවීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. කවර දෙකක්ද යත්, සිත්හි එකඟබව (සමාධිය) ද විදර්ශනාවද යන දෙකයි. මහණෙනි, පළිගැනීම් ස්වභාවයාගේ ගෙවීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.”
සාරම්භ පහාන සූත්‍රය:—“මහණෙනි, (කරණොත්තරියකරණ) පළිගැනීම් ස්වභාවයාගේ දුරුකිරීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. කවර දෙකක්ද යත්, සිත්හි එකඟබව (සමාධිය) ද විදර්ශනාවද යන දෙකයි. මහණෙනි, පළිගැනීම් ස්වභාවයාගේ දුරුකිරීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.”
සාරම්භක්ඛය සූත්‍රය:—“මහණෙනි, (කරණොත්තරිය කරණ) පළිගැනීම් ස්වභාවයාගේ නැතිවීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. කවර දෙකක්ද යත්, සිත්හි එකඟබව (සමාධිය)
ද විදර්ශනාවද යන දෙකයි. මහණෙනි, පළිගැනීම් ස්වභාවයාගේ නැතිවීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්”
සාරම්භවය සූත්‍රය:—“මහණෙනි, (කරණොත්තරිය කරණ) පළිගැනීම් ස්වභාවයාගේ විනාශය පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය)
ද විදර්ශනාවද යන දෙකයි. මහණෙනි, පළිගැනීම් ස්වභාවයාගේ විනාශය පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.”
සාරම්භවිරාග සූත්‍රය:—“මහණෙනි, (කරණොත්තරිය කරණ) පළිගැනීම් ස්වභාවයාගේ නොඇල්ම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. කවර දෙකක්ද යත්, සිත්හි එකඟබව (සමාධිය)
ද විදර්ශනාවද යන දෙකයි. මහණෙනි, පළිගැනීම් ස්වභාවයාගේ නොඇල්ම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.”
සාරම්භ නිරොධ සූත්‍රය:—“මහණෙනි, (කරණොත්තරියකරණ) පළිගැනීම් ස්වභාවයාගේ නිරුද්ධිය පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද විදර්ශනාවද යන දෙකයි. මහණෙනි, පළිගැනීම් ස්වභාවයාගේ නිරුද්ධිය පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.”
සාරම්භචාග සූත්‍රය:—“මහණෙනි, (කරණොත්තරිය කරණ) පළිගැනීම් ස්වභාවයාගේ අත්හැරීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. කවර දෙකක්ද යත්, සිත්හි එකඟබව (සමාධිය)
ද විදර්ශනාවද යන දෙකයි. මහණෙනි, පළිගැනීම් ස්වභාවයාගේ අත්හැරීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.”
සාරම්භ පටිනිස්සග්ග සූත්‍රය:—“මහණෙනි, (කරණොත්තරියකරණ) පළිගැනීම් ස්වභාවයාගේ බැහැරලීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද විදර්ශනාවද යන දෙකයි. මහණෙනි, පළිගැනීම් ස්වභාවයාගේ බැහැරලීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.”
මාන අහිඤ්ඤා සූත්‍රය:—“මහණෙනි, (නවවිධ) මානයාගේ මනාදැනීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද විදර්ශනාවද යන දෙකයි. මහණෙනි, (නවවිධ) මානයාගේ මනාදැනීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.”
මාන පරිඤ්ඤා සූත්‍රය:—“මහණෙනි, (නවවිධ) මානයාගේ පිරිසුදුව දැනගැනීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද විදර්ශනාවද යන දෙකයි. මහණෙනි, (නවවිධ) මානයාගේ පිරිසුදු දැනගැනීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.”
මානපරික්ඛය සූත්‍රය:—“මහණෙනි, (නවවිධ) මානයාගේ ගෙවීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. කවර දෙකක්ද යත්, සිත්හි එකඟබව (සමාධිය) ද විදර්ශනාවද යන දෙකයි. මහණෙනි, (නවවිධ) මානයාගේ ගෙවීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.”
මානපහාන සූත්‍රය:—“මහණෙනි, (නවවිධ) මානයාගේ දුරුකිරීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද විදර්ශනාවද යන දෙකයි. මහණෙනි, (නවවිධ) මානයාගේ දුරුකිරීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.”
මානක්ඛය සූත්‍රය:—“මහණෙනි, (නවවිධ) මානයාගේ නැතිවීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. කවර දෙකක්ද යත්, සිත්හි එකඟබව (සමාධිය) ද විදර්ශනාවද යන දෙකයි. මහණෙනි, (නවවිධ) මානයාගේ නැතිවීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.”
මානවය සූත්‍රය:—“මහණෙනි, (නවවිධ) මානයාගේ විනාශය පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද විදර්ශනාවද යන දෙකයි. මහණෙනි, (නවවිධ) මානයාගේ විනාශය පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.”
මානවිරාග සූත්‍රය:—“මහණෙනි, (නවවිධ) මානයාගේ නොඇල්ම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද විදර්ශනාවද යන දෙකයි. මහණෙනි, (නවවිධ) මානයාගේ නොඇල්ම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.”
මානනිරොධ සූත්‍රය:—“මහණෙනි, (නවවිධ) මානයාගේ නිරුද්ධිය පිණිස දහම් දෙකක් වැඩියයුතු වෙත්. කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද විදර්ශනාවද යන දෙකයි. මහණෙනි, (නවවිධ) මානයාගේ නිරුද්ධිය පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.”
මානචාග සූත්‍රය:—“මහණෙනි, (නවවිධ) මානයාගේ අත්හැරීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. කවර දෙකක්ද යත්, සිත්හි එකඟබව (සමාධිය) ද විදර්ශනාවද යන දෙකයි. මහණෙනි, (නවවිධ) මානයාගේ අත්හැරීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.”
මානපටිනිස්සග්ග සූත්‍රය:—“මහණෙනි, (නවවිධ) මානයාගේ බැහැරලීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද විදර්ශනාවද යන දෙකයි. මහණෙනි, (නවවිධ) මානයාගේ බැහැරලීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.”
අතිමාන අභිඤ්ඤා සූත්‍රය:—“මහණෙනි, අධික මානයාගේ මනා දැනීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. කවර දෙකක්ද යත්, සිත්හි එකඟබව (සමාධිය) ද විදර්ශනාවද යන දෙකයි. “මහණෙනි, අධිකමානයාගේ මනා දැනීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.”
අතිමාන පරිඤ්ඤා සූත්‍රය:—“මහණෙනි, අධිකමානයාගේ පිරිසුදු දැනගැන්ම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද විදර්ශනාවද යන දෙකයි. මහණෙනි, අධිකමානයාගේ පිරිසුදු දැනගැන්ම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.”
අතිමාන පරික්ඛය සූත්‍රය:—“මහණෙනි, අධික මානයාගේ ගෙවීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. කවර දෙකක්ද යත්, සිත්හි එකඟබව (සමාධිය) ද විදර්ශනාවද යන දෙකයි. මහණෙනි, අධිකමානයාගේ ගෙවීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.”
අතිමාන පහාන සූත්‍රය:—“මහණෙනි, අධික මානයාගේ දුරුකිරීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. කවර දෙකක්ද යත්, සිත්හි එකඟබව (සමාධිය) ද විදර්ශනාවද යන දෙකයි. මහණෙනි, අධිකමානයාගේ දුරුකිරීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.”
අතිමානක්ඛය සූත්‍රය:—“මහණෙනි, අධික මානයාගේ නැතිවීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද විදර්ශනාවද යන දෙකයි. මහණෙනි, අධිකමානයාගේ නැතිවීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.”
අතිමානවය සූත්‍රය:—“මහණෙනි, අධික මානයාගේ විනාශය පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. කවර දෙකක්ද යත්, සිත්හි එකඟබව (සමාධිය) ද විදර්ශනාවද යන දෙකයි. මහණෙනි, අධිකමානයාගේ විනාශය පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.”
අතිමාන විරාග සූත්‍රය:—“මහණෙනි, අධික මානයාගේ නොඇල්ම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. කවර දෙකක්ද යත්, සිත්හි එකඟබව (සමාධිය) ද විදර්ශනාවද යන දෙකයි. මහණෙනි, අධිකමානයාගේ නොඇල්ම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.”
අතිමාන නිරොධ සූත්‍රය:—“මහණෙනි, අධික මානයාගේ නිරුද්ධිය පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද විදර්ශනාවද යන දෙකයි. මහණෙනි, අධික මානයාගේ නිරුද්ධිය පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.’
අතිමාන චාග සූත්‍රය:—“මහණෙනි, අධික මානයාගේ අත්හැරීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද විදර්ශනාවද යන දෙකයි මහණෙනි, අධික මානයාගේ අත්හැරීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.”
අතිමාන පටිනිස්සග්ග සූත්‍රය:—“මහණෙනි, අධික මානයාගේ බැහැරලීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද විදර්ශනාවද යන දෙකයි. මහණෙනි, අධිකමානයාගේ බැහැරලීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.”
මද අභිඤ්ඤා සූත්‍රය:—“මහණෙනි, මදයාගේ මනා දැනීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද විදර්ශනාවද යන දෙකයි. මහණෙනි, මදයාගේ මනාදැනීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.”
මදපරිඤ්ඤා සූත්‍රය:—“මහණෙනි, මදයාගේ පිරිසුදු දැනගැන්ම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද විදර්ශනාවද යන දෙකයි. මහණෙනි, මදයාගේ පිරිසුදු දැනගැන්ම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.”
මදපරික්ඛය සූත්‍රය:—“මහණෙනි, මදයාගේ ගෙවීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද විදර්ශනාවද යන දෙකයි. මහණෙනි, මදයාගේ ගෙවීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.”
මද පහාන සූත්‍රය:—“මහණෙනි, මදයාගේ දුරුකිරීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද විදර්ශනාවද යන දෙකයි. මහණෙනි, මදයාගේ දුරුකිරීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.”
මදක්ඛය සූත්‍රය:—“මහණෙනි, මදයාගේ නැතිවීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද විදර්ශනාවද යන දෙකයි. මහණෙනි, මදයාගේ නැතිවීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.”
මදවය සූත්‍රය:—“මහණෙනි, මදයාගේ විනාශය පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද විදර්ශනාවද යන දෙකයි. මහණෙනි, මදයාගේ විනාශය පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.’
මද විරාග සූත්‍රය:—“මහණෙනි, මදයාගේ නොඇල්ම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද විදර්ශනාවද යන දෙකයි. මහණෙනි, මදයාගේ නොඇල්ම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.”
මද නිරොධ සූත්‍රය:—“මහණෙනි, මදයාගේ නිරුද්ධිය පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද විදර්ශනාවද යන දෙකයි. මහණෙනි, මදයාගේ නිරුද්ධිය පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.”
මද චාග සූත්‍රය:—“මහණෙනි, මදයාගේ අත්හැරීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. කවර දෙකක්ද යත්, සිත්හි එකඟබව (සමාධිය) ද විදර්ශනාවද යන දෙකයි. මහණෙනි, මදයාගේ අත්හැරීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.”
මද පටිනිස්සග්ග සූත්‍රය:—“මහණෙනි, මදයාගේ බැහැරලීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද විදර්ශනාවද යන දෙකයි. මහණෙනි, මදයාගේ බැහැරලීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.”
පමාද අභිඤ්ඤා සූත්‍රය:—“මහණෙනි, ප්‍රමාදයාගේ මනා දැනගැනීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද විදර්ශනාවද යන දෙකයි. මහණෙනි, ප්‍රමාදයාගේ මනා දැනීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.”
පමාද පරිඤ්ඤා සූත්‍රය:—“මහණෙනි, ප්‍රමාදයාගේ පිරිසුදු දැනගැනීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද විදර්ශනාවද යන දෙකයි. මහණෙනි, ප්‍රමාදයාගේ පිරිසුදු දැනීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.”
පමාද පරික්ඛය සූත්‍රය:—“මහණෙනි, ප්‍රමාදයාගේ ගෙවීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද විදර්ශනාවද යන දෙකයි. මහණෙනි, ප්‍රමාදයාගේ ගෙවීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.”
පමාද පහාන සූත්‍රය:—“මහණෙනි, ප්‍රමාදයාගේ දුරුකිරීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද විදර්ශනාවද යන දෙකයි. මහණෙනි, ප්‍රමාදයාගේ දුරුකිරීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.”
පමාදක්ඛය සූත්‍රය:—මහණෙනි, ප්‍රමාදයාගේ නැතිවීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද විදර්ශනාවද යන දෙකයි. මහණෙනි, ප්‍රමාදයාගේ නැතිවීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.”
පමාදවය සූත්‍රය:—“මහණෙනි, ප්‍රමාදයාගේ විනාශය පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද විදර්ශනාවද යන දෙකයි. මහණෙනි, ප්‍රමාදයාගේ විනාශය පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.”
පමාදවිරාග සූත්‍රය:—“මහණෙනි, ප්‍රමාදයාගේ නොඇල්ම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද විදර්ශනාවද යන දෙකයි. මහණෙනි, ප්‍රමාදයාගේ නොඇල්ම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.”
පමාදනිරොධ සූත්‍රය:—“මහණෙනි, ප්‍රමාදයාගේ නිරුද්ධිය පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද විදර්ශනාවද යන දෙකයි. මහණෙනි, ප්‍රමාදයාගේ නිරුද්ධිය පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.”
පමාදචාග සූත්‍රය:—“මහණෙනි, ප්‍රමාදයාගේ අත්හැරීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද විදර්ශනාවද යන දෙකයි. මහණෙනි, ප්‍රමාදයාගේ අත්හැරීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.”
පමාදපටිනිස්සග්ග සූත්‍රය:—“මහණෙනි, ප්‍රමාදයාගේ බැහැරලීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්. කවර දෙකක්ද යත්, සිත්හි එකඟ බව (සමාධිය) ද විදර්ශනාවද යන දෙකයි. මහණෙනි, ප්‍රමාදයාගේ බැහැරලීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.”
(සත්වෙනි වර්ගය නිමි) දුක නිපාතය සමාප්තයි.
තික නිපාතය. පඨම පණ්ණාසකය.