අංගුත්තර නිකාය

එක නිපාතය

11. සම්බොධි වර්ගය

103. පුබ්බෙ සම්බොධා සූත්‍රය

“මහණෙනි, චතුස්සත්‍ය අවබොධ කිරීමට පළමුවම බුදුනොවූ බොධිසත්වවූම මාහට මෙසේ අදහස්විය. ලෝකයෙහි ආශ්වාදය කවරේද, ආදීනවය කවරේද, නිස්සරණය කවරේද? කියායි.

“ඒ මට මෙසේ අදහස්විය. ලෝකයෙහි යමක් නිසා සැපක් සොම්නසක් උපදීද මේ ලොකයෙහි ආශ්වාදයයි.

“යමක් ලොකයෙහි අනිත්‍යද දුකද වෙනස්වන ස්වභාවය ඇත්තේද මේ ලොකයෙහි ආදීනවයයි.

“ලොකයෙහි යම් ඡන්ද රාගය දුරුකිරීමක් ඡන්ද රාගය පහකිරීමක් වේද මේ ලොකයෙහි නිශ්ශරණයයි.

“මහණෙනි, මම

යම්තාක් කල් මෙසේ ලොකයාගේ ආශ්වාදය ආශ්වාදය වශයෙනුත් ආදීනවය ආදීනව වශයෙනුත් නිස්සරණය නිස්සරණය වශයෙනුත්

නොදන්නෙම්ද.

“මහණෙනි, ඒ තාක් කල් මම දෙවියන් සහිතවූ මරුන් සහිතවූ, බඹුන් සහිතවූ ලොකයෙහි මහණ බමුණන් සහිතවූ, දෙවි මිනිසුන් සහිතවූ සත්ව සමූහයා කෙරෙහිද මම උත්තරීතරවූ සම්‍යක් සම්බෝධිය අවබොධ කෙළෙමියි

“ප්‍රතිඥා නොකෙළෙමි.

(මේ ඡෙදය මේ සූත්‍රයේ 3 ඡෙදය මෙනි.)

අවබොධ කෙළෙම්ද මොනවට දැනගත්තෙම්ද

(මේ ඡෙදය මේ සූත්‍රයේ 5 ඡෙදය මෙනි.)

“ප්‍රතිඥා කෙළෙමි. මගේ අර්හත්ඵල සමාධිය වෙනස්කළ නොහැක. මේ මාගේ අන්තිම ජාතියයි.

“දැන් උත්පත්තියක් නැතැයි යන ප්‍රත්‍යවෙක්ෂා ඥානය පහළවිය.