අංගුත්තර නිකාය
එක නිපාතය
5. චූල වර්ගය
43. අලංධම්මදෙශනා සූත්රය
“මහණෙනි, මේ කරුණු තුනක් දක්නහු විසින් අනුන්ට ධර්මදෙශනා කරන්ට යුතුමය. කවර තුනක්ද යත්.
“යමෙක්තෙම ධර්මය දෙශනා කරයිද, හෙතෙම අර්ථය දන්නේවේද ධර්මය දන්නේවේද, යමෙක්තෙම ධර්මය අසාද හෙතෙම අර්ථය දන්නේ වේද ධර්මය දන්නේවේද, යමෙකුන් දහම් දෙසාද යමෙකුන් දහම් අසාද දෙදෙනම අර්ථය දන්නේවේද ධර්මය දන්නේවේද, මහණෙනි, මේ කරුණු තුන දක්නහු විසින් අනුන්ට දහම් දෙසීමට සුදුසුමය”