අඞ්ගුත්තරනිකායො
පඤ්චක නිපාතය
3. තුන්වන පණ්ණාසකය
(13) 3. ගිලාන වර්‍ගය
6. දුතිය අනායුස්ස ධම්ම සූත්‍රය
’’මහණෙනි, ආයුෂට හිත නොවූ මේ කරුණු පසක් වෙත්.
’’කවර පසක්ද යත්, අහිතවූ කටයුතු ඇත්තේ වේද, හිතවූ කටයුත්තෙහි පමණ නොදනීද, නොපැසවූ කල්හි වැළඳීම ඇත්තේ වේද, දුශ්ශීල වේද, පවිටු මිතුරන් ඇත්තේ වේද, යන පසයි.
’’මහණෙනි, ආයුෂට හිත නොවූ මේ කරුණු පසක් වෙත්.
’’මහණෙනි, ආයුෂට හිතවූ මේ කරුණු පසක් වෙත්.
’’කවර පසක්ද යත්, හිතවූ කටයුතු ඇත්තේ වේද, හිතවූ කටයුත්තෙහි පමණ දනීද, ආහාරය පැසවූ කල්හි වැළඳීම ඇත්තේ වේද, සිල්වත් වේද, යහපත් මිතුරන් ඇත්තේ වේද, යන පසයි.
’’මහණෙනි, ආයුෂට හිතවූ මේ කරුණු පසක් වෙත්.