අඞ්ගුත්තරනිකායො

පඤ්චක නිපාතය

4. සතරවැනි පණ්ණාසකය

(17) 2. අඝාත වර්‍ගය

3. අලංසාකච්ඡ සූත්‍රය

’’එකල්හි වනාහි ආයුෂ්මත් සාරීපුත්‍ර ස්ථවිර තෙම, ’’ඇවැත්නි මහණෙනි,’’ යි භික්‍ෂූන්ට ඇමතූ සේක. ’’ඇවැත්නි’’ කියා ඒ භික්‍ෂූහු ආයුෂ්මත් සාරීපුත්‍ර ස්ථවිරයන්ට ප්‍රතිවචන දුන්හ. ආයුෂ්මත් සාරීපුත්‍ර ස්ථවිර තෙම මෙය වදාළේය.

’’ඇවැත්නි, ධර්‍ම පසකින් යුක්තවූ භික්‍ෂු තෙම බ්‍රහ්මචාරීන්ගේ සාකච්ඡාවට සුදුසු වෙයි.

’’කවර පසකින්ද යත්? ඇවැත්නි, මේ ශාසනයෙහි භික්‍ෂු තෙම, තෙමේත් ශීලයෙන් යුක්ත වේද, ශීල සම්පත්තිය පිළිබඳ කථාවෙහි ආවාවූ ප්‍රශ්නය ප්‍රකාශ කරන්නේත් වේද, තෙමේත් සමාධියෙන් යුක්ත වේද, සමාධි සම්පත්තිය පිළිබඳ කථාවෙහි ආවාවූ ප්‍රශ්න විසඳන්නේත් වේද, තෙමේත් ප්‍රඥාවෙන් යුක්ත වේද, ප්‍රඥා සම්පත්තිය පිළිබඳ කථාවෙහි ආවාවූ ප්‍රශ්න විසඳන්නේත් වේද, තෙමේත් විමුක්තියෙන් යුක්ත වේද, විමුක්ති සම්පත්තිය පිළිබඳ කථාවෙහි ආවාවූ ප්‍රශ්න විසඳන්නේත් වේද, තෙමේත් විමුක්ති ඥාන දර්‍ශනයෙන් යුක්ත වේද, විමුක්ති ඥාන දර්‍ශන සම්පත්තිය පිළිබඳ කථාවෙහි ආවාවූ ප්‍රශ්න විසඳන්නේත් වේද, යන පසිනි.