අඞ්ගුත්තරනිකායො
පඤ්චක නිපාතය
4. සතරවැනි පණ්ණාසකය
(18) 3. උපාසක වර්‍ගය
3. යථාභත සූත්‍රය
’’මහණෙනි, කරුණු පසකින් යුක්තවූ උපාසකතෙම ගෙනෙන ලද්දාවූ බරක් බහා තබන ලද්දේ යම්සේද, මෙසේ නරකයෙහි උපදී.
’’කවර පසකින්ද යත්? ප්‍රාණඝාත කරන්නේ වේද, අදත්තාදානය කරන්නේ වේද, කාමමිත්‍ථ්‍යාචාරය ඇත්තේ වේද, මුසාවාද ඇත්තේ වේද, මදයට හා ප්‍රමාදයට කරුණුවූ රහමෙර පානය ඇත්තේ වේද යන පසිනි.
’’මහණෙනි, කරුණු පසකින් යුක්තවූ උපාසකතෙම ගෙනෙන ලද්දාවූ බරක් බහා තබන ලද්දේ යම්සේද, මෙසේ නරකයෙහි උපදී.
’’මහණෙනි, කරුණු පසකින් යුක්තවූ උපාසකතෙම ගෙනෙන ලද බරක් බහා තබන ලද්දේ යම්සේද, මෙසේ ස්වර්‍ගයෙහි උපදී.
’’කවර පසකින්ද යත්? ප්‍රාණඝාතයෙන් වැළකුණේ වේද, අදත්තාදානයෙන් වැළකුණේ වේද, කාමමිත්‍ථ්‍යාචාරයෙන් වැළකුණේ වේද, මුසාවාදයෙන් වැළකුණේ වේද, මදයට හා ප්‍රමාදයට කරුණුවූ රහමෙර පානයෙන් වැළකුණේ වේද, යන පසිනි.
’’මහණෙනි, කරුණු පසකින් යුක්තවූ උපාසකතෙම ගෙනෙන ලද බරක් බහා තබන ලද්දේ යම්සේද, මෙසේ ස්වර්‍ගයෙහි උපදී.