අඞ්ගුත්තරනිකායො

පඤ්චක නිපාතය

5. පඤ්චම පණ්ණාසකය

3. රාගපෙය්‍යාලං

303–1152.

රාගාභිඤ්ඤා සූත්‍රය

’’මහණෙනි, රාගයාගේ විශිෂ්ඨ ඥානයෙන් දැනීම පිණිස ධර්‍ම පසක් වැඩිය යුතුයි.

’’කවර පසක්ද යත් ? අශුභ සංඥාවය, මරණ සංඥාවය, ආදීනව සංඥාවය, ආහාරයෙහි ප්‍රතික්කූල සංඥාවය, සියලු ලෝකයෙහි අනභිරත සංඥාවය, යන පසයි.

’’මහණෙනි, රාගයාගේ විශිෂ්ඨ ඥානයෙන් දැනීම පිණිස ධර්‍ම පසක් වැඩිය යුතුයි.

’’මහණෙනි, රාගයාගේ විශිෂ්ඨ ඥානයෙන් දැනීම පිණිස ධර්‍ම පසක් වැඩිය යුතුයි.

’’කවර පසක්ද යත් ? අනිත්‍ය සංඥාවය, අනාත්ම සංඥාවය, මරණ සංඥාවය, ආහාරයෙහි ප්‍රතික්කූල සංඥාවය, සියලු ලෝකයෙහි අනභිරත සංඥාවය, යන පසයි.

’’මහණෙනි, රාගයාගේ විශිෂ්ඨ ඥානයෙන් දැනීම පිණිස ධර්‍ම පසක් වැඩිය යුතුයි.

’’මහණෙනි, රාගයාගේ විශිෂ්ඨ ඥානයෙන් දැනීම පිණිස ධර්‍ම පසක් වැඩිය යුතුයි.

’’කවර පසක්ද යත් ? අනිත්‍ය සංඥාවය, අනිත්‍යයෙහි දුක්ඛ සංඥාවය, දුකෙහි අනාත්ම සංඥාවය, ප්‍රහාණ සංඥාවය, විරාග සංඥාවය, යන පසයි.

’’මහණෙනි, රාගයාගේ විශිෂ්ඨ ඥානයෙන් දැනීම පිණිස ධර්‍ම පසක් වැඩිය යුතුයි.

’’මහණෙනි, රාගයාගේ විශිෂ්ඨ ඥානයෙන් දැනීම පිණිස ධර්‍ම පසක් වැඩිය යුතුයි.

’’කවර පසක්ද යත් ? ශ්‍රදේ‍ධන්‍ද්‍රිය. වීය්‍රේ‍යන්‍ද්‍රිය, සතින්‍ද්‍රිය, සමාධින්‍ද්‍රිය, ප්‍රඥෙන්‍ද්‍රිය යන පසයි.

’’මහණෙනි, රාගයාගේ විශිෂ්ඨ ඥානයෙන් දැනීම පිණිස ධර්‍ම පසක් වැඩිය යුතුයි.

’’මහණෙනි, රාගයාගේ විශිෂ්ඨ ඥානයෙන් දැනීම පිණිස ධර්‍ම පසක් වැඩිය යුතුයි.

’’කවර පසක්ද යත් ? ශ්‍රද්‍ධා බලය, වීයර්‍ය බලය, ස්මෘති බලය, සමාධි බලය, ප්‍රඥා බලය යන පසයි.

’’මහණෙනි, රාගයාගේ විශිෂ්ඨ ඥානයෙන් දැනීම පිණිස ධර්‍ම පසක් වැඩිය යුතුයි.

81 - 925 සූත්‍ර

( මෙහි පහත සඳහන් වචන යෙදීමෙන් ඒ ඒ සූත්‍ර සකස් කළ යුතුයි. )

’’මහණෙනි, රාගයාගේ පිරිසිඳ දැනීම පිණිස, හාත්පසින් නැසීම පිණිස, දුරු කිරීම පිණිස, ක්‍ෂය කිරීම පිණිස, විනාශ කිරීම පිණිස, නොඇලීම පිණිස, නිරුද්‍ධ කිරීම පිණිස, අත්හැරීම පිණිස, දුරලීම පිණිස මේ ධර්‍ම පසක් වැඩිය යුතුයි.

’’ද්වේෂයාගේ, මෝහයාගේ, ක්‍රෝධයාගේ, බද්ධවෛරයාගේ, මක්ඛයාගේ, අනුන්ට දොස් කීමේ, ඊර්‍ෂ්‍යාවගේ, මාත්සර්‍ය්‍යයාගේ, මායාවගේ, කෛරාටික භාවයාගේ, දැඩි බැව්හුගේ, එකට එක කිරීමේ, මානයාගේ, අධික මානයාගේ, මදයාගේ, ප්‍රමාදයාගේ, පිරිසිඳ දැනීම පිණිස, හාත්පසින් නැසීම පිණිස, දුරු කිරීම පිණිස, විනාශය පිණිස, නොඇලීම පිණිස, නිරුද්‍ධ කිරීම පිණිස, හැර දැමීම පිණිස, ක්‍ෂය කිරීම පිණිස, දුරලීම පිණිස. මේ ධර්‍ම පස වැඩිය යුතුය’’ යි. වදාළ සේක.

රාගපෙය්‍යාලං නිට්ඨිතං.

පඤ්චකනිපාතො නිට්ඨිතො.

පඤ්චක නිපාතය නිමි.