අඞ්ගුත්තරනිකායො
ඡක්ක නිපාතය
1. පළමුවෙනි පණ්ණාසකය
2. සාරාණීය වර්‍ගය
4. භද්දකමරණ සූත්‍රය
’’එකල්හි වනාහි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ, ’ආයුෂ්මත් භික්‍ෂුවරුනි’ යි භික්‍ෂූන්ට ඇමතූහ. ’ආයුෂ්මත්නි’ යි ඒ භික්‍ෂූහු ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේට ප්‍රතිවචන දුන්හ. ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ මෙය ප්‍රකාශ කළහ.
’’ඇවැත්නි, ඒ ඒ පරිදි භික්‍ෂුතෙම වාසය කෙරේද, යම් යම් පරිදි වාසය කරන්නාවූ ඔහුට යහපත් මර්ණයක් නොවේ. කාලක්‍රියාව යහපත් නොවේ.
’’මහණෙනි, භික්‍ෂුතෙම ඒ ඒ පරිදි වාසය කෙරේද, යම් යම් පරිදි වාසය කරන්නාවූ ඔහුට යහපත් මර්ණයක් කෙසේ නම් නොවේ.ද? කාලක්‍රියාව යහපත් නොවේද ?
’’මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂුව වැඩෙහි නියුක්තවූයේ වේද, වැඩෙහි ඇළුනේ වේද, වැඩෙහි නියුක්ත බව අනුව යෙÃෙˆනේ වේද, කථාකිරීමෙහි නියුක්තවූයේ වේද, කථාකිරීමෙහි ඇළුනේ, කථාකිරීමේ නියුක්ත බව අනුව යෙදුනේ වේද, නිදීමෙහි නියුක්තවූයේ වේද, නිදීමෙහි ඇළුනේ වේද, නිදීමෙහි ඇළුනුබව අනුව යෙදුනේ වේද, සමූහය මැද හිඳීමෙහි නියුක්තවූයේ වේද, සමූහය මැද හිඳීමෙහි ඇළුනේ වේද, සමූහය මැද හිඳීමෙහි ඇළුනුබව අනුව යෙදුනේ වේද. එක්වීමෙහි යෙදුනේ වේද, එක්වීමෙහි ඇළුනේ වේද, එක්වීමෙහි ඇළුනබව අනුව යෙදුනේ වේද, ප්‍රමාදයෙහි නියුක්තවූයේ වේද, ප්‍රමාදයෙහි ඇළුනේ වේද, , ප්‍රමාදයෙහි නියුක්තබව අනුව යෙදුනේ වේද,
’’ඇවැත්නි, ඒ ඒ පරිදි භික්‍ෂුතෙම වාසය කෙරේද, යම් යම් පරිදි වාසය කරන්නාවූ ඔහුට යහපත් මර්ණයක් නොවේ. කාලක්‍රියාව යහපත් නොවේ.
’’ඇවැත්නි, මේ භික්‍ෂුව ආත්මදෘෂ්ටියෙහි යෙදුනේ වෙයි. ආත්මදෘෂ්ටියෙන් මනාකොට දුක් කෙළවර කිරීම නොහැකිවේ.
’’ඇවැත්නි, ඒ ඒ පරිදි භික්‍ෂුව වාසය කෙරේද, යම් යම් පරිදි වාසය කරන්නාවූ ඔහුට යහපත් මර්ණයක් වෙයි. කාලක්‍රියාව යහපත් වෙයි.
’’ඇවැත්ති, භික්‍ෂුව ඒ ඒ පරිදි වාසය කෙරේද, යම් යම් පරිදි වාසය කරන්නාවූ ඔහුට කෙසේ නම් යහපත් මර්ණයක් වේද ? කාලක්‍රියාව යහපත් වේද ?
’’ඇවැත්නි, මේ ශාසනයෙහි භික්‍ෂුතෙම වැඩෙහි නියුක්ත නුවූයේ වේද, වැඩෙහි නොඇළුනේ වේද, වැඩෙහි නියුක්ත බව අනුව නොයෙÃෙˆනේ වේද, කථාකිරීමෙහි නියුක්ත නුවූයේ වේද, කථාකිරීමෙහි නොඇළුනේ වේද, කථාකිරීමෙහි නියුක්ත බව අනුව නොයෙදුනේ වේද, නිදීමෙහි නියුක්ත නොවූයේ වේද, නිදීමෙහි නොඇළුනේ වේද, නිදීමෙහි නියුක්තබව අනුව නොයෙදුනේ වේද, සමූහය මැද සිටීමේ නොයෙදුනේ වේද, සමූහය මැද සිටීමේ නොඇළුනේ වේද, සමූහය මැද සිටීමේ නියුක්තබව අනුව නොයෙදුනේ වේද. ප්‍රමාදයෙහි නියුක්ත නොවූයේ වේද, ප්‍රමාදයෙහි නොඇළුනේ වේද, , ප්‍රමාදයෙහි නියුක්තබව අනුව නොයෙදුනේ වේද,
’’ඇවැත්නි, ඒ ඒ පරිදි භික්‍ෂුව වාසය කෙරේද, යම් යම් පරිදි වාසය කරන්නාවූ ඔහුට යහපත් මර්ණයක් වෙයි. කාලක්‍රියාව යහපත් වෙයි. මහණෙනි, මේ භික්‍ෂුව නිර්‍වාණයෙහි ඇළුනේ ආත්ම දෘෂ්ටිය දුරුකළේය. මනාකොට දුක් කෙළවර කිරීමෙහි යෙදුනේය.
’’යමෙක් තෙම ප්‍රමාදයෙහි යෙදුනේද, මෘගයෙකු සේ කෙළෙස් පමා බැව්හි ඇළුනේද, හෙතෙම කාමාදී බැමි වලින් නිදහස ලත් එයට වඩා ශ්‍රෙෂ්ඨ තැනක් නැති නිර්‍වාණය වරද්දා ගන්නේ වේ.’’
’’යමෙක්තෙම ප්‍රමාදය අත්හැර නිර්‍වාණයෙහි ඇලුනේද, හෙතෙම කාමාදී බැමි වලින් නිදහස ලත්, එයට වඩා ශ්‍රෙෂ්ඨ තැනක් නැති නිවණ සොයා ගන්නේය.’’