අඞ්ගුත්තරනිකායො
ඡක්ක නිපාතය
1. පළමුවෙනි පණ්ණාසකය
4. දේවතා වර්ගය
5. විජ්ජාභාගිය ධම්ම සූත්‍රය
’’මහණෙනි, විද්‍යාව භජනය කරණ මේ කරුණු සයකි.
’’කිනම් සයක්ද යත් ? අනිත්‍ය හැඟීමය, අනිත්‍යයෙහි දුකය යන හැඟීමය. දුකෙහි අනාත්මය යන හැඟීමය. දුරු කරණ හැඟීමය. නොඇලෙන හැඟීමය. නිවණ යන හැඟීමය. මහණෙනි, විද්‍යාව භජනය කරණ මේ කරුණු සයකි.