අඞ්ගුත්තරනිකායො

ඡක්ක නිපාතය

2. දුතිය පණ්ණාසකය

9. සීති වර්‍ගය

9. කිඤ්චිසංඛාරූප ගමන සූත්‍රය

’’ මහණෙනි, මේ නුසුදුසු කරුණු සයක් වෙති.

’’කවර සයක්ද? සෝවාන් පුද්ගලයා කිසි සංස්කාරයක් නිත්‍ය වශයෙන් ගන්නට නුසුදුසු වෙයි. සෝවාන් පුද්ගලයා කිසි සංස්කාරයක් සැප වශයෙන් ගන්නට නුසුදුසුය. සෝවාන් පුද්ගලයා කිසි ධර්‍මයක් ආත්ම වශයෙන් ගන්නට නුසුදුසුය. සෝවාන් පුද්ගලයා ඇසූ දුටු දේ මගුල් වශයෙන් පිරිසිදුයයි ගෙන හැරීයාමට නුසුදුසුය. සෝවාන් පුද්ගලයා මේ ශාසනයෙන් පිටත දන් දීමට සුදුස්සන් සෙවීමට නුසුදුසුය. මහණෙනි, මේ නුසුදුසු කරුණු සයක් වෙති.