අඞ්ගුත්තරනිකායො

සත්තක නිපාතය

පඨමපණ්ණාසකං

8. විනය වර්‍ගය

5. සීලවන්ත සොභන සූත්‍රය

’’මහණෙනි, ධර්‍ම සතකින් යුක්තවූ භික්‍ෂුතෙම විනයධරවූයේ බබලයි.

’’කවර සතකින්ද යත්? ඇවත දනියි. ඇවැත් නොවන දේ දනියි. ස්වල්ප ඇවැත් දනියි. මයා ඇවැත් දනියි. ශික්‍ෂා පදයන්හි සමාදන්ව සතර ධ්‍යානයන් කැමති පරිදි ලබන්නේ, පහසුවෙන් ලබන්නේ, බහුලව ලබන්නේ ප්‍රත්‍යක්‍ෂකොට එයට පැමිණ වාසය කරයි. මහණෙනි, ධර්‍ම සතකින් යුක්තවූ භික්‍ෂුතෙම විනයධරවූයේ බබලයි.