අඞ්ගුත්තරනිකායො

සත්තක නිපාතය

පඨමපණ්ණාසකං

9. සමණ වර්‍ගය

2. සමණ කරණ ධම්ම සූත්‍රය

’’මහණෙනි, ධර්ම සතක් සංසිඳුන බැවින් ශ්‍රමණ වෙයි.

’’කවර සතක්ද යත්? ආත්ම දෘෂ්ටිය දුරුවූයේ වෙයි. බුද්ධාදී අට තැන සැකය දුරු වූයේ වෙයි. බාහිර ශීලයන් ව්‍රතයන් දුරු වූයේ වෙයි. රාගය දුරු වූයේ වෙයි. ද්වේෂය දුරු වූයේ වෙයි. මොහය දුරු වූයේ වෙයි. මානය දුරු වූයේ වෙයි.

’’මහණෙනි, ධර්ම සතක් සංසිඳුන බැවින් ශ්‍රමණ වෙයි.