ඛුද්දක නිකාය

ඉතිවුත්තකය

3. තික නිපාතය

2. පුණ්‍යක්‍රියා වර්ගය

6. සුචරිතත්තය සූත්‍රය

“මහණෙනි, මේ මනා හැසිරීම් සොඳුරු චරිත තුණෙකි. කවර තුණෙක්ද යත්? කයින් මනා හැසිරීමය වචනයෙන් මනා හැසිරීමය සිතින් මනා හැසිරීමය (යන තුණය) මහණෙනි, මේ වනාහි තුන් සුසිරි වෙත්යයි.”

භාග්‍යවතුන් වහන්සේ මේ අර්ථය වදාළ සේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ.

“(යම්) නුවණැත්තෙක් වේද, හෙතෙමේ කයින් හෝ කායද්වාරයෙහි පැවති දුශ්චරිත (පව්) ද වචනයෙන් හෝ වාග් ද්වාරයෙහි පැවති දුශ්චරතයෙන් ද සිතින් හෝ මනොද්වාරයෙහි පැවති දුශ්චරිතද හැරපියා වරදයයි දක්නා ලද්දාවූ (එයද) හැරපියා අකුශල කර්ම කොට බොහෝ කුසල් නොකොට ශරීරය බිඳීයාමෙන් (මරණින් මත්තෙහි) ස්වර්ගයෙහි උපදී. (නොහොත්) ස්වර්ගයට උත්පත්ති වශයෙන් පැමිණේ යයි.” මේ අර්ථයද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද්දේ යයි. මාගේ ඇසීමය.”