සංයුත්තනිකායො
සගාථ වර්ගය
10. යක්ඛ සංයුත්තය
6. පියඞ්කර සූත්රය
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිර තෙම සැවැත්නුවර සමීපයේවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වෙසෙයි.
එකල වනාහි ආයුෂ්මත් අනුරුද්ධ තෙම අලුයම නැගිට ධර්මපද කියයි.
ඉක්බිති පියඞ්කරමාතා නම් යකින්න තම පුතු මෙසේ නැලවූවා:
’’පියඞ්කරය, ශබ්ද නොකර. භික්ෂුතෙම ධර්මපදයන් කියයි. ඉදින් ධර්මපදයක් දැනගෙන පිළිපදිමු නම් එය අපට හිත පිණිස වන්නේය.’’
’’ප්රාණීන්ට හිංසා නොකරමු. දැන දැන මුසාබස් නොකියමු. තමාතේ සුන්දර ශීලයෙහි හික්මෙමු. පිශාච ( යක්ෂ ) යෝනියෙන් මිදෙන්නෙමු නම් යෙහෙක.’’