සංයුත්තනිකායො
ඛන්ධක වර්ගය
4. ඔක්කන්ත සංයුත්තකය
7. චෙතනා සූත්‍රය
(මේ සූත්‍රයද මේ වර්ගයේ 1 වෙනි සූත්‍රය මෙන් ජේතවනාරාමයේදී දේශනා කරන ලදී.)
“මහණෙනි, රූප සංචෙතනාව අනිත්‍යය. පෙරලෙන ස්වභාවය වෙනස්වන ස්වභාවය. සද්ද සංචෙතනාව අනිත්‍යය. පෙරලෙන ස්වභාවය වෙනස්වන ස්වභාවය. ගන්ධ සංචෙතනාව අනිත්‍යය. පෙරලෙන ස්වභාවය වෙනස්වන ස්වභාවය. රස සංචෙතනාව අනිත්‍යය. පෙරලෙන ස්වභාවය වෙනස්වන ස්වභාවය ඵොට්ඨබ්බ සංචෙතනාව අනිත්‍යය. පෙරලෙන ස්වභාවය වෙනස්වන ස්වභාවය. ධම්ම සංචෙතනාව අනිත්‍යය. පෙරලෙන ස්වභාවය වෙනස්වන ස්වභාවයි.
“මහණෙනි, යමෙක් මේ ධර්මයන් මෙසේ අදහයිද, ශ්‍රද්ධාව කරණකොට ගෙන මිදෙයිද, මේ පුද්ගලතෙමේ ආර්ය මාර්ගයට පැමිණියාවූ සත්පුරුෂ භූමියට පැමිණියාවූ පෘථග්ජන භූමිය ඉක්මවූ සද්ධානුසාරී පුද්ගලයායයි කියනු ලැබේ.
හෙතෙම යම් කර්මයක් කොට නිරයෙහි හෝ තිරිසන් යෝනියෙහි හෝ ප්‍රේත ලෝකයෙහි හෝ උපදින්නේද, ඒ කර්මය කිරීමට නුසුදුසු වෙයි. යම්තාක් සෝවාන් මාර්ග ඵලයට නොපැමිණෙයිද, ඒතාක් කළුරිය කිරීමට නුසුදුසු වෙයි.
“මහණෙනි, යමෙකුට වනාහි මේ ධර්මයන් එසේ ප්‍රඥාව කරණකොට ප්‍රමාණ වශයෙන් දැකීමට පැමිණෙද්ද මේ පුද්ගලතෙමේ ආර්ය මාර්ගයට පැමිණියාවූ සත්පුරුෂ පුද්ගලයායයි කියනු ලැබේ. හෙතෙම යම් කර්මයක් කොට නරකයෙහි හෝ තිරිසන් යෝනියෙහි හෝ ප්‍රේත ලෝකයෙහි හෝ උපදින්නේද, ඒ කර්මය කිරීමට නුසුදුසු වෙයි. යම්තාක් සෝවාන් මාර්ග ඵලයට නොපැමිණෙයිද ඒතාක් කළුරිය කිරීමට නුසුදුසුවෙයි.
“මහණෙනි, යමෙක් මේ ධර්මය මෙසේ දනියිද, දකියිද හෙතෙම අපායෙහි නොවැටෙන ස්වභාවය ඇති නියතවූ අර්හත්වයට ඒකාන්තයෙන් පැමිණෙන්නාවූ සෝවාන් පුද්ගලයායයි කියනු ලැබේ.”