සංයුත්තනිකායො
ඛන්ධක වර්ගය
7. ශාරීපුත්ත සංයුත්තය
3. පීති සූත්‍රය
(මේ සූත්‍රයේ 1, 2 වෙනි ඡෙද මේ සංයුත්තයේ 1 වෙනි සූත්‍රයේ මෙනි.)
[3] “ඇවැත්නි, මම මෙහි ප්‍රීතියේද නොඇල්මෙන් සිහි ඇත්තේ, මනා නුවණැත්තේව උපෙක්ෂාවෙන් යුක්තව වාසය කරමි. කයින් සැපයද විඳිමි. ආර්යයෝ යමෙකුට උපෙක්ෂා ඇත්තේ සිහි ඇත්තේ සැපවිහරණ ඇත්තේයයි කියත්ද ඒ තෘතීයධ්‍යානයට’ පැමිණ වාසය කරමි.
‘ඇවැත්නි, ඒ මට මම තෘතීයධ්‍යානයට සමවදිමියි කියා හෝ මම තෘතීයධ්‍යානයට සම වැදුනෙමි කියා හෝ මම තෘතීය ධ්‍යානයෙන් නැගීසිටියෙමි කියා හෝ’ මෙබඳු සිතක් නොවේ යයි කීහ.
[4] “ඒ එසේමය. ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් විසින් බොහෝ කාලයක් මුළුල්ලෙහි මම යන හැඟීම, මගේ යන හැඟීම,’ මානය හා අනුසය ධර්ම සම්පූර්ණ වශයෙන් නසන ලදහ. එම නිසා ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට ‘මම තෘතීය ධ්‍යානයට සමවදිමියි’ කියා හෝ ‘මම තෘතීයධ්‍යානයට සමවැදුණෙමි’ කියා හෝ ‘මම තෘතීයධ්‍යානයෙන් නැගීසිටියෙමි’ කියා හෝ මෙබඳු සිතක් නොවේයයි” (ආනන්ද ස්ථවිරතෙම කීය.)