සංයුත්තනිකායො
ඛන්ධක වර්ගය
10. ගන්ධබ්බ කාය සංයුත්තය
4–12. සාරගන්ධ සූත්‍රය ආදී වූ සූත්‍ර නවය
4. සාරගන්ධ සූත්‍රය.
(මේ සූත්‍රයද මේ වර්ගයේ 2 වෙනි සූත්‍රය මෙන් ජේතවනාරාමයේදී දේශනා කරන ලදී.)
“යම් හෙයකින් මේ ලෝකයෙහි ඇතැමෙක් ශරීරයාගේ බිඳීමෙන් මරණින් පසු සාරගන්ධයෙහි වාසය කරන දෙවියන් හා එක්වීමට පැමිණේද, ස්වාමීනි, (එයට) හේතු කවරේද? ප්‍රත්‍යය කවරේද?”
“මහණ, මේ ලෝකයෙහි ඇතැමෙක් කයින් සුචරිතයෙහි හැසිරෙයි. වචනයෙන් සුචරිතයෙහි හැසිරෙයි. සිතින් සුචරිතයෙහි හැසිරෙයි. සාරගන්ධයෙහි වාසය කරන දෙවියෝ දීර්ඝායුෂ ඇත්තාහ. වර්ණ ඇත්තාහ. සැප බහුලකොට ඇත්තාහයි. ඔහු විසින් අසන ලද්දේ වෙයි. ඔහුට මෙබඳු සිතක් වෙයි. මම ශරීරයාගේ බිඳීමෙන් මරණින් පසු සාරගන්ධයෙහි වාසය කරන දෙවියන් හා එක්වීමට පැමිණෙම් නම් හොඳය’ කියායි. හෙතෙම සාර ගන්ධයන් දෙන්නේ වෙයි.
“හෙතෙම ශරීරයාගේ බිඳීමෙන් මරණින් පසු සාරගන්ධයෙහි වාසයකරන දෙවියන් හා එක්වීමට පැමිණෙයි. මහණ, යම් හෙයකින් මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක් ශරීරයාගේ බිඳීමෙන් මරණින් පසු සාර ගන්ධයෙහි වාසය කරන දෙවියන් හා එක්වීමට පැමිණෙයි නම් (එයට) මේ හේතුවයි. මේ ප්‍රත්‍යයයි.”
(මේ වර්ගයේ 4 වෙනි සූත්‍රයේ “හෙතෙම සාර ගන්ධයන් දෙන්නේ වෙයි” යන වචන වෙනුවට මෙහි පහත දක්වන වචන 5 වෙනි සූත්‍රයේ පටන් 12 වෙනි සූත්‍රය දක්වා ගත යුතුයි. )
5. හෙතෙම ඵෙග්ගු ගන්ධයන් දෙයි. - ඵෙග්ගු දායක සූත්‍රය
6. ”තච ” ” - තච ” ”
7. ” රුක්පතුරු ” ” - පපටිකා ” ”
8. ” කොල ” ” - පත්ත ” ”
9. ” මල් ” ” - පුෂ්ප ” ”
10. ”ගෙඩි ” ” - ඵල ” ”
11. ”රස ” ” - රස ” ”
12. ” ගන්ධ ” ” - ගන්ධගන්ධ ” ”