සංයුත්තනිකායො
සළායතන වර්‍ගය
1. සළායතන සංයුත්තය
15. නවපුරාණ වර්‍ගය
3. සපපාය සූත්‍රය. (2)
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අණේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්‍ෂූන් ඇමතූ සේක. ‘සවාමීනි’යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
’’මහණෙනි, නිවනට උපකාරවූ ප්‍රතිපදාව තොපට දේශනා කරන්නෙමි. එය අසව්. මනාකොට මෙනෙහි කරව්. කියන්නෙමි. මහණෙනි, නිවනට උපකාරවූ ප්‍රතිපදාව කවරීද?
’’මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂුතෙම ඇස දුකයයි දකීද, රූපයෝ දුකඛයහයි දකීද, චක්‍ඛු විඤඤාණය දුකයයි දකීද, චක්‍ඛු සම්ඵසසය දුකයයි දකීද, චක්‍ඛු සම්ඵසසය නිසා සැපවූ හෝ දුක්වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදීද, එයද දුකයයි දකීද?
’’කණ දුකයයි දකීද, ශබ්දයෝ දුකඛයහයි දකීද, සෝත විඤඤාණය දුකයයි දකීද, සෝත සම්ඵසසය දුකයයි දකීද, සෝතසම්ඵසසය නිසා සැපවූ හෝ දුක්වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදීද, එයද දුකයයි දකීද?
’’නාසය දුකයයි දකීද, ගන්‍ධයෝ දුකඛයහයි දකීද, ඝාණ විඤඤාණය දුකයයි දකීද, ඝාණ සම්ඵසසය දුකයයි දකීද, ඝාණ සම්ඵසසය නිසා සැපවූ හෝ දුක්වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදීද, එයද දුකයයි දකීද?
’’දිව දුකයයි දකීද, රසයෝ දුකඛයහයි දකීද, ජිව්හා විඤඤාණය දුකයයි දකීද, ජිව්හා සම්ඵසසය දුකයයි දකීද, ජිව්හා සම්ඵසසය නිසා සැපවූ හෝ දුක්වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදීද, එයද දුකයයි දකීද?
’’කය දුකයයි දකීද, ස්පර්‍ශයෝ දුකඛයහයි දකීද, කාය විඤඤාණය දුකයයි දකීද, කාය සම්ඵසසය දුකයයි දකීද, කාය සම්ඵසසය නිසා සැපවූ හෝ දුක්වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදීද, එයද දුකයයි දකීද?
’’සිත දුකයයි දකීද, ධර්‍මයෝ දුකඛයහයි දකීද, මනො විඤඤාණය දුකයයි දකීද, මනො සම්ඵසසය දුකයයි දකීද, මනො සම්ඵසසය නිසා සැපවූ හෝ දුක්වූ හෝ දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවක් උපදීද, එයද දුකයයි දකියිද, මහණෙනි, මේ වනාහි ඒ නිවණට උපකාරවූ ප්‍රතිපදාවයයි, වදාළේය.