සංයුත්තනිකායො
සළායතන වර්‍ගය
1. සළායතන සංයුත්තය
17. සට්ඨි පෙය්‍යාලො (පෙය්‍යාල සැට)
4–6. දුක්ඛඡන්දාදිසුත්තං
දුක්ඛ සූත්‍රය, (1)
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්‍ෂූන් ඇමතූහ. ‘ ස්වාමීනි’ යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
’’මහණෙනි, යමක් දුකද, එහි තොපගේ ඡන්‍දය දුරුකටයුතු වේ. මහණෙනි, කුමක් නම් දුකද? මහණෙනි, ඇස දුකය. එහි තොපගේ ඡන්‍දය දුරුකටයුතු වේ. කණ, නාසය, දිව දුකය. එහි තොපගේ ඡන්‍දය දුරුකටයුතු වේ. කය දුකය. සිත දුකය. එහි තොපගේ ඡන්‍දය දුරුකටයුතු වේ. මහණෙනි, යමක් දුකද, එහි තොපගේ ඡන්‍දය දුරුකටයුතු වේය’’ යි (වදාළ සේක.)
දුක්ඛ සූත්‍රය, (2)
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්‍ෂූන් ඇමතූහ. ‘ ස්වාමීනි’ යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
’’මහණෙනි, යමක් දුකද, එහි තොපගේ රාගය දුරුකටයුතු වේ. මහණෙනි, කුමක් නම් දුකද? මහණෙනි, ඇස දුකය. එහි තොපගේ රාගය දුරුකටයුතු වේ. කණ, නාසය, දිව දුකය. එහි තොපගේ රාගය දුරුකටයුතු වේ. කය දුකය. සිත දුකය. එහි තොපගේ රාගය දුරුකටයුතු වේ. මහණෙනි, යමක් දුකද, එහි තොපගේ රාගය දුරුකටයුතු වේය’’ යි (වදාළ සේක.)
දුක්ඛ සූත්‍රය, (3)
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්‍ෂූන් ඇමතූහ. ‘ ස්වාමීනි’ යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
’’මහණෙනි, යමක් දුකද, එහි තොපගේ ඡන්‍දරාගය දුරුකටයුතු වේ. මහණෙනි, කුමක් නම් දුකද? මහණෙනි, ඇස දුකය. එහි තොපගේ ඡන්‍දරාගය දුරුකටයුතු වේ. කණ, නාසය, දිව දුකය. එහි තොපගේ ඡන්‍දරාගය දුරුකටයුතු වේ. කය දුකය. සිත දුකය. එහි තොපගේ ඡන්‍දය දුරුකටයුතු වේ. මහණෙනි, යමක් දුකද, එහි තොපගේ ඡන්‍දරාගය දුරුකටයුතු වේය’’ යි (වදාළ සේක.)