සංයුත්තනිකායො
සළායතන වර්‍ගය
1. සළායතන සංයුත්තය
17. සට්ඨි පෙය්‍යාලො (පෙය්‍යාල සැට)
16–18. බාහිරානත්තඡන්දාදිසුත්තං
අනත්ත සූත්‍රය, (1)
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්‍ෂූන් ඇමතූහ. ‘ ස්වාමීනි’ යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
’’මහණෙනි, යමක් අනාත්මවේද, එහි තොපගේ ඡන්‍දය දුරුකටයුතු වේ. මහණෙනි, කුමක් නම් අනාත්මද? ‘මහණෙනි, රූපයෝ අනාත්මය. එහි තොපගේ ඡන්‍දය දුරුකටයුතු වේ. ශබ්දයෝ අනාත්මය. ගන්‍ධයෝ අනාත්මය. රසයෝ අනාත්මය. එහි තොපගේ ඡන්‍දය දුරුකටයුතු වේ. ස්පර්‍ශයෝ අනාත්මය. ධර්‍මයෝ අනාත්මයහ. එහි තොපගේ ඡන්‍දය දුරුකටයුතු වේ. මහණෙනි, යමක් අනාත්මද, එහි තොපගේ ඡන්‍දය දුරුකටයුතු වේය’’ යි (වදාළ සේක.)
අනත්ත සූත්‍රය, (2)
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්‍ෂූන් ඇමතූහ. ‘ ස්වාමීනි’ යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
’’මහණෙනි, යමක් අනාත්මවේද, එහි තොපගේ රාගය දුරුකටයුතු වේ. මහණෙනි, කුමක් නම් අනාත්මද? ‘මහණෙනි, රූපයෝ අනාත්මය. එහි තොපගේ රාගය දුරුකටයුතු වේ. ශබ්දයෝ අනාත්මය. ගන්‍ධයෝ අනාත්මය. රසයෝ අනාත්මය. එහි තොපගේ රාගය දුරුකටයුතු වේ. ස්පර්‍ශයෝ අනාත්මය. ධර්‍මයෝ අනාත්මයහ. එහි තොපගේ රාගය දුරුකටයුතු වේ. මහණෙනි, යමක් අනාත්මද, එහි තොපගේ රාගය දුරුකටයුතු වේය’’ යි (වදාළ සේක.)
අනත්ත සූත්‍රය, (3)
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්‍ෂූන් ඇමතූහ. ‘ ස්වාමීනි’ යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
’’මහණෙනි, යමක් අනාත්මවේද, එහි තොපගේ ඡන්‍දරාගය දුරුකටයුතු වේ. මහණෙනි, කුමක් නම් අනාත්මද? ‘මහණෙනි, රූපයෝ අනාත්මය. එහි තොපගේ ඡන්‍දරාගය දුරුකටයුතු වේ. ශබ්දයෝ අනාත්මය. ගන්‍ධයෝ අනාත්මය. රසයෝ අනාත්මය. එහි තොපගේ ඡන්‍දරාගය දුරුකටයුතු වේ. ස්පර්‍ශයෝ අනාත්මය. ධර්‍මයෝ අනාත්මයහ. එහි තොපගේ ඡන්‍දරාගය දුරුකටයුතු වේ. මහණෙනි, යමක් අනාත්මද, එහි තොපගේ ඡන්‍දරාගය දුරුකටයුතු වේය’’ යි (වදාළ සේක.)