සංයුත්තනිකායො

සළායතන වර්‍ගය

3. මාතුගාම සංයුත්තය

1. පළමුවෙනි වර්ගය

13. මුට්ඨස්සති සූත්‍රය

“මහණෙනි, ධර්ම පසකින් යුක්තවූ ස්ත්‍රිය ශරීරය බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ නපුරු ගති ඇති විසමව පතිතවන නිරයෙහි උපදියි. කවර කරුණු පසකින්දයත්, ශ්‍රද්ධා නැත්තියක් වේද, ලජ්ජා නැත්තියක් වේද, භය නැත්තියක්වේද, සිහි මුළාවූ නැත්තියක් වේද, නුවණ නැත්තියක් වේද, මහණෙනි, මේ කරුණු පසින් යුක්තවූ ස්ත්‍රිය ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ නපුරු ගති ඇති විසමව පතිතවන නිරයෙහි උපදියි.”