සංයුත්තනිකායො

සළායතන වර්‍ගය

3. මාතුගාම සංයුත්තය

2. දෙවැනි වර්ගය

5. අනතිචාරී සූත්‍රය

“මහණෙනි, ධර්ම පසකින් යුක්තවූ ස්ත්‍රිය ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ග ලෝකයෙහි උපදී. කවර ධර්ම පසකින්ද යත්, ශ්‍රද්ධා ඇත්තියක් වේද, ලජ්ජා ඇත්තියක් වේද, භය ඇත්තියක් වේද, ස්වාමියා ඉක්ම නොපවතීද, නුවණ ඇත්තියක් වේද, මහණෙනි, මේ ධර්ම පසින් යුක්තවූ ස්ත්‍රිය ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සුගතිවූ ස්වර්ග ලෝකයෙහි උපදී.”