සංයුත්තනිකායො

සළායතන වර්‍ගය

3. මාතුගාම සංයුත්තය

3. බල වර්ගය

7. හේතු සූත්‍රය

“මහණෙනි, ස්ත්‍රියගේ මේ බලපසකි. ඒ කවර පසක්ද යත් රූපබලය, ධනබලය, ඤාතිබලය, පුත්‍රබලය, සීලබලය යන පසයි. මහණෙනි, රූපබල හේතුවෙන් හෝ ධනබල හේතුවෙන් හෝ ඤාතිබල හේතුවෙන් හෝ පුත්‍රබල හේතුවෙන් හෝ කායයාගේ බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ගලෝකයෙහි නූපදී. මහණෙනි, ස්ත්‍රියගේ සීලබල හේතුවෙන් ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ගලොකයෙහි උපදී. මහණෙනි, මොව්හු වනාහි ස්ත්‍රියගේ බල පස වෙත්.”