සංයුත්තනිකායො

මහා වර්ගය

1. මාර්ග සංයුත්තය

2. විහාර වර්ගය

7. දුතිය අට්ඨධම්මපරිසුද්ධ සූත්‍රය

(මේ සූත්‍රයද මේ වර්ගයේ හතරවෙනි සූත්‍රය මෙන් ජේතවනාරාමයේදී දේශනා කරනලදී.)

“මහණෙනි, ස්වභාවයෙන් පිරිසිදුවූ විශෙෂයෙන් පිරිසිදුවූ රාගාදී කෙලෙස් රහිත උපක්ලේශ රහිත නූපන්නාවූ මේ ධර්ම අට සුගත විනය නම් මේ ශාසනයෙහි හැර අන් තැනක නූපදිත්. කවර නම් ධර්ම අටක්ද යත්? හේ මෙසේයි. සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පය, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් සතිය, සම්‍යක් සමාධිය යන මොහුය. මහණෙනි, ස්වභාවයෙන් පිරිසිදු විශෙෂයෙන් පිරිසිදු රාගාදි කෙලෙස් රහිත උපක්ලේශ රහිත නූපන්නාවූ මේ ධර්ම අට සුගත විනය සංඛ්‍යාත ශාසනයෙහි හැර අන්තැනක නූපදිත්යයි” වදාළේය.