සංයුත්තනිකායො

මහා වර්ගය

1. මාර්ග සංයුත්තය

8. ඔඝ වර්ගය

7. නීවරණ සූත්‍රය

“මහණෙනි, මේ නීවරණයෝ පසකි. කවර නම් පසක්දයත්? කාමච්ඡන්දනීවරණය, ව්‍යාපාදනීවරණය, ථිනමිද්ධ නීවරණය, උද්ධච්ච කුක්කුච්චනීවරණය, විචිකිච්ඡානීවරණය යනුයි. මහණෙනි, මේ වනාහි පඤ්චනීවරණයෝයි. මහණෙනි, මේ පඤ්චනීවරණයන්ගේ දැනීම පිණිස පිරිසිඳ දැනීම පිණිස ක්ෂය කිරීම පිණිස ප්‍රහාණය පිණිස ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුයි. කවරනම් ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගයක්දයත්?

(මේ ඡෙදය මේ වර්ගයේ පළමුවෙනි සූත්‍රයේ 3 වෙනි ඡෙදය මෙනි)

“මහණෙනි, මේ පඤ්චනීවරණයන්ගේ දැනීම පිණිස, පිරිසිඳ දැනීම පිණිස, ක්ෂය කිරීම පිණිස ප්‍රහාණය පිණිස මේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතු යයි” වදාළසේක.