සංයුත්තනිකායො

මහා වර්ගය

1. මාර්ග සංයුත්තය

8. එකධම්ම පෙය්‍යාල 2 වර්ගය

2–6. සීල සම්පදා ආදී සූත්‍ර පහ

2. සීල (1 වෙනි) සම්පදා එකධම්ම සූත්‍රය

(මෙතැන් සිට ඇති මේ වර්ගයේ අනිත් සූත්‍රවල 1 ඡෙද මේ වර්ගයේ මුල් සූත්‍රයේ 1 ඡෙදය මෙනි.)

“මහණෙනි, යම් ධර්මයක් හේතුකොට ගෙන නූපන්නාවූ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නූපදීද උපන්නාවූ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩීමට සම්පූර්ණ බවට පැමිණේද, මහණෙනි, යම් ඒ සීල සම්පදාවක් වේද, එබඳුවූ අන් එකම ධර්මයකුදු නුවණැසින් මම නොදකිමි. මහණෙනි, සීල සම්පදාවෙන් යුත් මහණතෙම ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩයි. ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩයි යනු කැමතිවිය යුතුයි. මහණෙනි, සීලසම්පදාවෙන් යුත් මහණ තෙම මෙසේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩාද, ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩාද?

(මේ ඡෙදය මේ වර්ගයේ පළමුවෙනි සූත්‍රයේ තුන්වෙනි ඡෙදය මෙනි.)

“මහණෙනි, මෙසේ වනාහි සීල සම්පදාවෙන් යුත් මහණතෙම ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩන්නේය. ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩන්නේයයි” වදාළසේක.

3. ඡන්ද (1 වෙනි) සම්පදා එකධම්ම සූත්‍රය

“මහණෙනි, යම් ධර්මයක් හේතුකොට ගෙන නූපන්නාවූ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය උපදීද, උපන්නාවූ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩීමට සම්පූර්ණ බවට පැමිණේද, මහණෙනි, යම් ඒ ඡන්ද සම්පදාවක් වේද, එබඳුවූ අන් එක ධර්මයකුදු නුවණැසින් මම නොදකිමි. මහණෙනි, ඡන්ද සම්පදාවෙන් යුත් මහණතෙම ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩයි යනු කැමති විය යුතුයි. මහණෙනි, ඡන්ද සම්පත්තියෙන් යුත් මහණ තෙම කෙසේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩාද? ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩාද?

(මේ ඡෙදය මේ වර්ගයේ පළමුවෙනි සූත්‍රයේ තුන්වෙනි ඡෙදය මෙනි.)

“මහණෙනි, මෙසේ වනාහි ඡන්ද සම්පදාවෙන් යුත් මහණතෙම ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩන්නේය. ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩන්නේයයි” වදාළසේක.

4. අත්ත (1 වෙනි) සම්පදා එකධම්ම සූත්‍රය

“මහණෙනි, යම් ධර්මයක් හේතුකොට ගෙන නූපන්නාවූ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය උපදීද, උපන්නාවූ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩීමට සම්පූර්ණ බවට පැමිණේද, යම් ඒ චිත්ත සම්පදාවක් වේද, එබඳුවූ අන් එකම ධර්මයකුදු නුවණැසින් මම නොම දකිමි. මහණෙනි, චිත්ත සම්පත්තියෙන් යුත් මහණතෙම ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩයි. ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩයි යනු කැමති විය යුතුයි. මහණෙනි, චිත්ත සම්පත්තියෙන් යුත් මහණ තෙම කෙසේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩාද? ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩාද?

(මේ ඡෙදය මේ වර්ගයේ පළමුවෙනි සූත්‍රයේ තුන්වෙනි ඡෙදය මෙනි.)

“මහණෙනි, මෙසේ වනාහි චිත්ත සම්පත්තියෙන් යුත් මහණතෙම ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩයි. ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩායයි” වදාළසේක.

5. දිට්ඨි (1 වෙනි) සම්පදා එකධම්ම සූත්‍රය

“මහණෙනි, යම් ධර්මයක් හේතුකොට ගෙන නූපන්නාවූ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය උපදීද, උපන්නාවූ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩීමට සම්පූර්ණ බවට පැමිණේද, මහණෙනි, යම් ඒ ඤාණ සම්පත්තියක් වේද? එබඳුවූ අන් එකම ධර්මයකුදු නුවණැසින් මම නොම දකිමි. ඤාණ සම්පත්තියෙන් යුත් මහණතෙම ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩයි. ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩයි යනු කැමතිවිය යුතුයි. මහණෙනි ඤාණ සම්පත්තියෙන් යුත් මහණතෙම කෙසේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩාද? කෙසේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩාද?

(මේ ඡෙදය මේ වර්ගයේ පළමුවෙනි සූත්‍රයේ තුන්වෙනි ඡෙදය මෙනි.)

“මහණෙනි, මෙසේ වනාහි ඤාණ සම්පත්තියෙන් යුත් මහණතෙම ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩයි. ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩායයි” වදාළසේක.

6. අප්පමාද (1 වෙනි) සම්පදා එකධම්ම සූත්‍රය

“මහණෙනි, යම් ධර්මයක් හේතුකොට ගෙන නූපන්නාවූ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය උපදීද, උපන්නාවූ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩීමට සම්පූර්ණ බවට පැමිණේද, මහණෙනි, යම් ඒ අප්‍රමාද සම්පත්තියක් වේද, එබඳුවූ අන් එකම ධර්මයකුදු නුවණැසින් මම නොම දකිමි. මහණෙනි, අප්‍රමාද සම්පත්තියෙන් යුත් මහණතෙම ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩයි. ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩයි යනු කැමතිවිය යුතුයි. මහණෙනි, අප්‍රමාද සම්පත්තියෙන් යුත් මහණතෙම කෙසේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩාද? කෙසේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩාද?

(මේ ඡෙදය මේ වර්ගයේ පළමුවෙනි සූත්‍රයේ තුන්වෙනි ඡෙදය මෙනි.)

“මහණෙනි මෙසේ වනාහි අප්‍රමාද සම්පත්තියෙන් යුත් මහණතෙම ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩයි. ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩායයි” වදාළසේක.