සංයුත්තනිකායො
මහා වර්ගය
2. බොජ්ඣංග සංයුත්තය
2. ගිලාන වර්ගය
7. පාරඞ්ගමසුත්තං
“භාග්‍යවතුන් වහන්සේ මේ කාරණය වදාළසේක. සුගතවූ ශාස්තෲන් වහන්සේ මෙය වදාරා, නැවත මෙසේද වදාළසේක.
“මිනිසුන් අතුරෙහි යම් ජනයෝ පරතෙරට හෙවත් නිවනට යන්නාහු වෙත්ද, එබඳු ජනයෝ ස්වල්පයහ. නැවත අන්‍යවූ ප්‍රජාතොමෝ (සක්කාය නමැති) මෙතරටම නැවත නැවත දුවන්නීය.”
“යම් කෙනෙක් වනාහි මනාකොට වදාළ ධර්මයෙහි ධර්මයට අනුව පවතින්නෝ වෙත්ද, ඒ ජනයෝ එතෙර වීමට ඉතා දුෂ්කරවූ කෙලෙස් මරුට අයත්වූ ත්‍රෛභූමක වෘත්තය (ඉක්මවා) නිවනට පැමිණෙන්නාහුය.”
“නුවණැත්තේ අකුසල ධර්මය හැර කුසල ධර්මය වඩන්නේය. ආලයෙන් හෙවත් ගිහි ගෙයින් නික්ම ගෙයක් නැති පැවිද්දට පැමිණ යම් තැනක කැමති වීමට දුෂ්කරද,
ඒ නිවනෙහි කැමතිවන්නේය නුවණැත්තේ කාමයන් දුරුකොට රාගය කිසි පළිබොධයක් නැත්තෙක්ව තමන් සිත කිලුටුකරන ධර්මයන්ගෙන් පිරිසිදු කරන්නේය.
“යම් කෙනෙකුන්ගේ සිත සම්බොධි අංගයන්හි මනාකොට වඩනලදද, (කිසිවක් සිතින්) දැඩිසේ නොගෙන ග්‍රහණයට විරුද්ධවූ නිවනෙහි යම් රහත් කෙනෙක් ඇලුනාහුද කාන්තිමත්වූ, නැතිකළ ආශ්‍රව ඇති ඒ උත්තමයෝ ලොකයෙහි පිරිනිවියාහු නම් වෙත්” යනුයි.