සංයුත්තනිකායො
මහා වර්ගය
2. බොජ්ඣංග සංයුත්තය
3. උදායි වර්ගය
2. බොජ්ඣංග දෙශනා සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසයකරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනියි’ කියා භික්ෂූන් ඇමතූසේක. ස්වාමීනියි කියා ඒ භික්ෂූන් භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. එවිට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
“මහණෙනි, මේ සප්තබොධ්‍යංගයන් දෙශනාකරන්නෙමි. එය මනාකොට අසව්. මහණෙනි, සප්තබොධ්‍යංගයෝ කවරහුදයත්?
(මේ ඡෙදය පර්වත වර්ගයේ 4 වෙනි සූත්‍රයේ 2 වෙනි ඡෙදය මෙනි. 2689 පිට බලන්න.)
“මහණෙනි, මොවුහු වනාහි සප්ත බොධ්‍යංගයෝයි.