සංයුත්තනිකායො
මහා වර්ගය
3. සතිපට්ඨාන සංයුත්තය
5. අමත වර්ගය
5. කෙවල කුසල රාසි සූත්රය
“මහණෙනි, කුසල රාසිය යයි කියන්නේ නම් සතර සතිපට්ඨානයන්ට කීම ම යහපත්කොට කීම වන්නේය. මහණෙනි, යම් මේ සතර සතිපට්ඨාන ධර්ම කෙනෙක් වෙත්ද, ඔව්හු සම්පූර්ණයෙන්ම කුසල රාශියකි. ඒ සතර කවරේද?
(මේ ඡෙදය 4 වෙනි අනනුස්සුත වර්ගයේ 2 වෙනි සූත්රයේ 3 වෙනි ඡෙදය මෙනි.)
“මහණෙනි, කුසල රාශිය යයි කියන්නේ නම් මේ සතර සතිපට්ඨානයට කීම ම යහපත් කීම වන්නේය. යම් ඒ සතර සතිපට්ඨාන ධර්ම කෙනෙක් වෙත්ද, ඔව්හු සම්පූර්ණයෙන්ම කුසල රාශියකි.”