සංයුත්තනිකායො

මහා වර්ගය

4. ඉන්ද්‍රිය සංයුත්තය

2. මුදුතර වර්ගය

8. පටිපන්න සූත්‍රය

(මේ ඡෙද මේ වර්ගයේ 1 වෙනි සූත්‍රයේ 1, 2 වෙනි ඡෙද මෙනි.)

[3] “මහණෙනි, මේ පඤ්චෙන්ද්‍රියයන් සම්පූර්ණ කිරීමෙන් පිරීමෙන් රහත් වෙයි. ඊට වඩා මෘදුවූ ඉන්ද්‍රියයන්ගෙන් අර්හත් ඵලය ප්‍රත්‍යක්ෂ කිරීම පිණිස පිළිපන්නේ වෙයි. ඊට වඩා මෘදුවූ ඉන්ද්‍රියයන්ගෙන් අනාගාමී වෙයි. ඊටවඩා මෘදුවූ ඉන්ද්‍රියයන්ගෙන් අනාගාමී ඵලය ප්‍රත්‍යක්ෂ කිරීම පිණිස පිළිපන්නේ වෙයි. ඊට වඩා මෘදුවූ ඉන්ද්‍රියයන්ගෙන් සකෘදාගාමීවෙයි. ඊට වඩා මෘදුවූ ඉන්ද්‍රියයන්ගෙන් සකෘදාගාමී ඵලය ප්‍රත්‍යක්ෂ කිරීම පිණිස පිළිපන්නේ වෙයි. ඊටවඩා මෘදුවූ ඉන්ද්‍රියයන්ගෙන් සෝවාන් වෙයි. ඊටවඩා මෘදුවූ ඉන්ද්‍රියයන්ගෙන් සෝවාන් ඵලය ප්‍රත්‍යක්ෂ කිරීම පිණිස පිළිපන්නේ වෙයි.”

[4] “මහණෙනි, යමෙකුට වනාහි මේ පඤ්චෙන්ද්‍රියයෝ සියල්ලම සර්වප්‍රකාරයෙන්ම නැද්ද, මම ඔහු (මෙම අෂ්ටාර්ය පුද්ගලයන්ගෙන්) බාහිරවූ පෘථග්ජන කොටසෙහි සිටියේයයි කියමි.