සංයුත්තනිකායො

මහා වර්ගය

4. ඉන්ද්‍රිය සංයුත්තය

1. සුද්ධින්ද්‍රිය වර්ගය

3. දුතියසොතපන්න සූත්‍රය

[2] “මහණෙනි, මේ ඉන්ද්‍රිය පසෙක් වෙති. කවර පසෙක්ද? සද්ධින්ද්‍රිය, විරියින්ද්‍රිය, සතින්ද්‍රිය, සමාධින්ද්‍රිය, පඤ්ඤින්ද්‍රිය, යනුයි

[3] “මහණෙනි, යම්සේ වනාහි ආර්‍ය්‍යශ්‍රාවකතෙමේ යම් කලෙක මේ පඤ්චෙන්ද්‍රියයන්ගේ ඉපදීමද, බිඳීමද ආශ්වාදයද ආදීනවයද නිශ්ශරණය තත්වූ පරිද්දෙන් දනීද,

[4] “මහණෙනි, එතැන්පටන් මේ ආර්‍ය්‍යශ්‍රාවකතෙමේ සෝවාන්වූයේ අපායෙහි නොවැටෙන ස්වභාව ඇත්තේ රහත් බවට නියතවූයේ රහත්බව පරායනකොට ඇත්තේයයි කියනු ලැබේ.