සංයුත්තනිකායො
මහා වර්ගය
11. සොතාපත්ති සංයුත්තය
6. සප්පඤ්ඤ වර්ගය
1. අදළිද්ද (සගාථක) සූත්‍රය
[1] (මේ ඡෙදය 4 වෙනි වර්ගයේ 1 වෙනි සූත්‍රයේ මුල් ඡෙදය මෙනි.)
[2] “මහණෙනි, ධර්ම සතරකින් යුක්තවූ ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ අපායෙහි නොවැටීම ස්වභාවය කොට ඇත්තේ නියත ගති ඇත්තේ මතුමාර්ගත්‍රය නම් සම්බොධිය පිහිටකොට ඇත්තේ සෝවාන්වූයේ වෙයි. කවරනම් සතරකින්ද යත්.
(මේ ඡෙද 4 වෙනි වර්ගයේ 1 වෙනි සූත්‍රයේ 2, 3, 4, 5 ඡෙද මෙනි.)
[7] “මහණෙනි, මේ සතර ධර්මයෙන් යුක්තවූ ආර්‍ය්‍ය ශ්‍රාවකතෙම අපායෙහි නොවැටීම ස්වභාව කොට ඇත්තේ නියත ගති ඇත්තේ මතුමාර්ගත්‍රය පිහිටකොට ඇත්තේ සෝවාන් වූයේ වෙයි” මේ කාරණය භාග්‍යවතුන් වහන්සේ වදාළසේක සුගතයන්වහන්සේ මෙය වදාරා නැවත ශාස්තෲන් වහන්සේ මෙසේ වදාළහ.
[8] (මේ ඡෙදය 3168 වෙනි පිටේ 21 වෙනි ඡෙදය මෙනි.)