ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(දුතියො භාගො)

51. කණිකාර වග්ග

7. අජෙලිඵලදායක ථෙරාපදානය

’’එකල්හි චරණ ධර්‍මයන්ගෙන්ද යුක්තවූ, සමාධියෙහි දක්‍ෂවූ, මොනෙය්‍ය ගුණ යුත්, අජ්ජුන නම් සම්බුදුරජතෙමේ හිමවතෙහි වැඩවිසූහ.

’’මම (එම) ශාස්තෘන් වහන්සේට කළයක් පමණවූ අජෙලිඵලයක්ද, ජීවජීවකද, කොළවලින් තැනූ කුඩයක්ද ගෙන දුනිමි.

’’මින් එක් අනූවන කපෙහිවූ එකල්හි යම් ඵල දානයක් දුනිම්ද (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. ඵල දානයාගේ මේ විපාකයයි.

’’මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.

’’ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීමක් විය. පමුණුවන ලද ත්‍රිවිද්‍යා ඇත්තෝය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.

මෙහි මේ අයුරින් ආයුෂ්මත් අජෙලිඵලදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.

අජෙලිඵලදායකත්ථෙරස්සාපදානං සත්තමං.