අඞ්ගුත්තරනිකායො
දසම නිපාතය
3. තතිය පණ්ණාසකය
(12) 2. පච්චොරොහණි වර්‍ගය
6. අප්පකපාරගාමී සූත්‍රය
’’මහණෙනි, තොපට එතෙර දෙසන්නෙමි. මෙතෙර දෙසන්නෙමි. එය අසව්. මනාව මෙනෙහි කරව්’’. - ’’එසේය, ස්වාමීනි’’ යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්හ.
’’වැරැදි දැකීම මෙතෙරය. නිවැරැදි දැකීම මෙතෙරය. වැරදි සිතීම මෙතරය, නිවැරදි සිතීම එතරය. වැරදි වචන මෙතරය, නිවැරදි වචන එතරය. වැරදි කර්මාන්තය මෙතරය, නිවැරදි කර්මාන්තය එතරය. වැරදි ජීවිකාව මෙතරය, නිවැරදි ජීවිකාව එතරය. වැරදි වෑයම මෙතරය, නිවැරදි වෑයම එතරය. වැරදි සිහිකිරීම මෙතරය, නිවැරදි සිහිකිරීම එතරය. වැරදි සිත එකඟ කිරීම මෙතරය, නිවැරදි සිත එකඟ කිරීම එතරය. වැරදි නුවණ මෙතරය, නිවැරදි නුවණ එතරය. වැරදි මිදීම මෙතරය, නිවැරදි මිදීම එතරය.
’’මනුෂ්‍යයන් අතුරෙහි යම් ජන කෙනෙක් පරතෙර යන්නාහුද, ඔවුහු ස්වල්පයහ. නැවත මේ සෙසු ප්‍රජාව වෙරළ කරාම දුවයි.
’’යම් කිසි කෙනෙක් මනා කොට ප්‍රකාශ කරණ ලද ධර්මයෙහි ධර්මය අනුව පවත්නාහුද, ඒ මනුෂ්‍යයෝ එතරවීමට බැරි, මාරයාට අයත් පෙදෙසින් එතර වෙත්.
’’පණ්ඩිත තෙමේ කලුවූ පාප ධර්මය හැර සුදුවූ පින් දහම් වඩන්නේය. යම් තැනෙක්හි විවේකයෙහි ඇලීමට අපහසු වේද, වාසස්ථානවූ සසරින් වාසස්ථාන නැති නිවණට පැමිණ
’’කාමයන් කිසිවක් ඉතිරි නොකොට එහි ඇලීම කැමති වන්නේය. නුවණැත්තා සිතෙහි ඇතිවන ක්ලේශයන්ගෙන් තමන් පිරිසිදු වන්නේය.
’’මනා අවබෝධයේ අඞ්ගවන ධර්මයන්හි යමකුගේ සිත මනාකොට වඩන ලද්දේද, යම් කෙනෙක් අල්ලා ගැනීම, දුරු කිරීම යන දෙකෙහි නොබැඳීමෙන් යුක්තවූවාහුද, ලෝකයෙහි බබළන ඒ ක්‍ෂීණාශ්‍රවයෝ ක්ලේශ පරිනිර්‍වාණයෙන් නිවුණාහ.’’
වැරැදි දැකීම මෙතෙරය. නිවැරැදි දැකීම මෙතෙරය. වැරදි සිතීම මෙතරය, නිවැරදි සිතීම එතරය. වැරදි වචන මෙතරය, නිවැරදි වචන එතරය. වැරදි කර්මාන්තය මෙතරය, නිවැරදි කර්මාන්තය එතරය. වැරදි ජීවිකාව මෙතරය, නිවැරදි ජීවිකාව එතරය. වැරදි වෑයම මෙතරය, නිවැරදි වෑයම එතරය. වැරදි සිහිකිරීම මෙතරය, නිවැරදි සිහිකිරීම එතරය. වැරදි සිත එකඟ කිරීම මෙතරය, නිවැරදි සිත එකඟ කිරීම එතරය. වැරදි නුවණ මෙතරය, නිවැරදි නුවණ එතරය. වැරදි මිදීම මෙතරය, නිවැරදි මිදීම එතරය.