අඞ්ගුත්තරනිකායො

දසම නිපාතය

3. තතිය පණ්ණාසකය

(14) 4. සාධු වර්‍ගය

10. සුඛදුක්ඛුද්‍රය සූත්‍රය

’’මහණෙනි, තොපට සුව ගෙන දෙන ධර්මයද, දුක් ගෙන දෙන ධර්මයද දෙසන්නෙමි. (එය හොඳට අසවු, මෙනෙහි කරව්.) මහණෙනි, දුක් ගෙන දෙන ධර්මය කෙසේද? වැරදි දෘෂ්ටිය, වැරදි සිතීම, වැරදි කථාව, වැරදි ක්‍රියාව, වැරදි පැවැත්ම, වැරදි වෑයම, වැරදි සිහිය, වැරදි ලෙස සිත එකඟකම, වැරදි නුවණ, වැරදි මිදීමය. මහණෙනි, මෙය දුක් ගෙන දෙන ධර්මයයි කියනු ලැබේ.

’’මහණෙනි, සුව ගෙන දෙන ධර්මය කවරේද? මනා දැනීම, මනා සිතීම, මනා වචන, මනා කර්‍මාන්තය, මනා ජීවිකාව, මනා වෑයම, මනා සිහිකිරීම, මනා සිත එකඟ කිරීම, මනා නුවණ, මනා මිදීම, වෙත්. මහණෙනි, මෙය සුව ගෙන දෙන ධර්මයයි කියනු ලැබේ.’’