අංගුත්තර නිකාය
එක නිපාතය
17. කම්මපථ පෙය්‍යාල වර්ගය
163–182. පානාතිපාතති ධම්ම සූත්‍රය
“මහණෙනි, කරුණු තුනකින් යුත් පුද්ගලයා ගෙන එනලද්දක් හෙළුවාක් මෙන් නිරයෙහි උපදියි. කවර තුනකින්ද?
“තෙමේත් සතුන් මරන්නේ වෙයිද අනුන්ද සතුන් මැරීමෙහි සමාදන් කරවයිද, සතුන් මැරීම අනුමෝදන් වෙයිද.
මේ කරුණු තුනෙන් යුත් පුද්ගලයා ගෙන එන ලද්දක් හෙළුවාක් මෙන් නිරයෙහි උපදියි.”
කරුණු තුනකින් යුත් පුද්ගල තෙමේ ගෙන එන ලද්දක් හෙළුවාක් මෙන් ස්වර්ගයෙහි උපදියි කවර තුනකින්ද?
“තෙමේත් ප්‍රාණ ඝාතයෙන් වැළකුණේ වෙයිද, අනුන්ද ප්‍රාණඝාතයෙන් වැළකීමෙහි සමාදන් කරවයිද, ප්‍රාණ ඝාතයෙන් වැළකීම අනුමෝදන් වෙයිද.
“මේ ධර්ම තුනෙන් යුත් පුද්ගලතෙම ගෙන එන ලද්දක් හෙළුවාක් මෙන් ස්වර්ගයෙහි උපදියි.”
අදින්නාදානති ධම්ම සූත්‍රය
“(මේ සූත්‍රවල 1, 3 4, 6 ඡෙද මේ වර්ගයෙ 1 සූත්‍රයේ 1, 3, 4, 6 මෙන් වෙත්.)
“තෙමේත් සොරකම් කරන්නේ වෙයිද අනුන්ද සොරකම් කිරීමෙහි සමාදන් කරවයිද.
“කවර තුනකින්ද? තෙමේත් සොරකම් කිරීමෙන් වැළකුණේ වෙයිද.
කාමමිච්ඡාචාර ධම්ම සූත්‍රය
“තෙමේත් කාමයන්හි වරදවා හැසිරෙන්නේද.
“තෙමේත් කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකුණේද.
මුසාවාද ධම්ම සූත්‍රය
“තෙමේත් බොරු කීමෙන් වැළකුණේ වෙයිද.
පිසුනාවාච ධම්ම සූත්‍රය
“තෙමේත් කේලාම් කීමෙන් වැළකුණේ වෙයිද.
ඵරුෂවාච ධම්ම සූත්‍රය
“තෙමේත් ඵරුෂ වචන කියන්නේ වෙයිද.
“තෙමේ ඵරුෂ වචන කීමෙන් වැළකුණේ වෙයිද.
සම්ඵප්පලාප ධම්ම සූත්‍රය
“තෙමේත් ප්‍රලාප කියන්නේ වෙයිද.
“තෙමේත් ප්‍රලාප කීමෙන් වැළකුණේ වෙයිද.
අභිජ්ඣාලු ධම්මා සූත්‍රය
“තෙමේත් අභිද්‍යාව බහුලකොට ඇත්තේ වෙයිද.
“තෙමේත් අභිද්‍යාව බහුලකොට නැත්තෙක් වෙයිද.
ව්‍යපන්නචිත්ත ධම්ම සූත්‍රය
“තෙමේත් ව්‍යාපාද සිත් ඇත්තෙක් වෙයිද.