අඞ්ගුත්තරනිකායො

චතුක්ක නිපාතය

3. තුන්වෙනි පණ්ණාසකය

(12) 2. කෙසී වර්‍ගය

8. සංවෙජනියඨාන සූත්‍රය

’’මහණෙනි, ශ්‍රද්‍ධාවන්ත කුල පුත්‍රයාට දර්‍ශණීයවූ, සංවේග කටයුතුවූ මේ කරුණු සතරක් වෙත්. කවර සතරක්ද යත්, මහණෙනි, මෙහි තථාගතයන් වහන්සේ උපන්නේයයි ශ්‍රද්‍ධාවන්ත කුල පුත්‍රයාට දර්‍ශණීයවූ, සංවේග කටයුතුවූ තැනකි. මහණෙනි, තථාගතයන් වහන්සේ මෙහි නිරුත්තර සම්මා සම්බෝධියට පැමිණියේයයි ශ්‍රද්‍ධාවන්ත කුල පුත්‍රයාට දර්‍ශණීයවූ, සංවේග කටයුතුවූ තැනකි. මහණෙනි, තථාගතයන් වහන්සේ මෙහි නිරුත්තර ධර්‍ම චක්‍රය පැවැත්වූහයි ශ්‍රද්‍ධාවන්ත කුල පුත්‍රයාට දර්‍ශණීයවූ, සංවේග කටයුතුවූ තැනකි. මහණෙනි, මෙහි තථාගතයන් වහන්සේ අනුපදිශෙස නිර්‍වාණ ධාතුවෙන් පිරිනිවන් පෑවේයයි ශ්‍රද්‍ධාවන්ත කුල පුත්‍රයාට දර්‍ශණීයවූ, සංවේග කටයුතුවූ තැනකි. මහණෙනි, මේ සතර ශ්‍රද්‍ධාවන්ත කුල පුත්‍රයාට දර්‍ශණීයවූ, සංවේග කටයුතුවූ තැන්ය.’’